Showing posts with label හංස විල. Show all posts
Showing posts with label හංස විල. Show all posts

Thursday, February 10, 2011

නුඹ.....

                     හැමදාව හිමිදිරියේ
                    දොළගාව නුඹේ සිතුවම ඇදෙන්න
 මිහිරි හඩින් ඒ ගිතය අසන්නට
මං කරපු මදි ද හිතෙනවා මේ නිමිනේ....
    ඔයත් එක්ක මම හිටිය කාලේ
තාමත් ඒ කරපු ආදරය සිහිවේ
 සිහිනයක් වි නෙතු රැදුන දවසේ
 නුඹේන් වෙන් වෙන්න සිත නැනේ ආයේ....

Saturday, December 11, 2010

(නො)පැතුවා

ආදරයක් මා පැතුවා
එය වරෙම මා දමා ගියා....
හිනයකින් මා නුඹ සෙව්වා
එක වරෙම ඒ බොදවුණා....
මුවගින් හිනාමල් පිබිදුවා
නුඹ නැති නිසා පරවුණා....
සතුටක් දැනෙයි දෝ සිතුනා
දුකක් ඇවිත් මා හැඩවුවා....
කෙනෙක් මා අත ගනියි දැයි බැලුවා
තනිකම නිසා එය නැතිවුණා.....

Wednesday, December 1, 2010

අල්ලගන්න අමාරු ඩොලර්


දගකාරකම් හිත් ඇතුලේ
කැලැත්තෙන ආදරය
තට්ටු හතක මාලිගාවක
සිරියහ වාගේ
කරන දගකාරකම්
කියන කටකාරකම් 
අත්තෙන් අත්තට පනින 
එක අතකටවත් අහුනොවෙන
ඩොලර් කොල වාගේ...

Monday, August 30, 2010

මුළාව

කරපු අකුසල් වහා ගැනිමට
විහාරේ මළුවට ගියාට
මල් පහන් පුදා
තුණුරුවන් වැන්දාට
පසක් වේවිද
ඔබට මොක් පුර.....?

පැමීණිම..

බලා ඉන්නම්
සසල හදවත
යන්න ගිය නුඹ
එනතුරා...
ආපු දිනයක
ළංව ඉන්නම්
හදින් සැමදා
පැතු නිසා..

Sunday, August 22, 2010

අරුන්දති මෙහෙට එන්න............

අරුන්දති සද කුමරිය 
මෙහෙට එන්න..මෙහෙට එන්න..
විශාඛයේ දොර අරින්න
මෙහෙට එන්න
පවනැල්ලක සිසිල ඔවා
ආදරය දැන් විසල් වෙලා
සුසුම් අතර දගකරන්න
මෙහෙට එන්න...මෙහෙට එන්න
පිනි වැස්සේ පිනි පොදවැල් 
දසත හමා කෙමින් වැටි..
අනෝ වැහිපොද නොව
තෙමි යන්න..මෙහෙට එන්න..
  විසිරගියත් ආදර දිය
එකතු කිරමු එකතු වෙලා
විශාකයේ දොරෙන් එහා ලොවට
හනික යන්න... මෙහෙට එන්න....
පියමනින් අපේ ලොවට
..............මෙහෙට එන්න...............


Wednesday, July 28, 2010

ආ ද ර ය . . . .

ආදරය පවනෙ රැව් දේ
ඡිවිතයට සුසුමෙන් රැදුනේ
ඔබගේ රුව මා හද ඇදුනේ
නෙතගින් ඔබ එය මට පිදුනේ

ආදරයෙන් මත් විලා ඔබ උන්නා
ඒ ආදරේ හිමිකරුවා මම වෙන්නා
ඡිවිතයෙන් අපි දෙන්නා එක් වන්නා
සොදුරු සිතුවම් මහා හද ඇතිවන්න............

Saturday, July 24, 2010

ඔය රුව

  කතා බහක් නැති
සිනහා පොදක් නැති
ඔය රුව දැන් මලානිකයි
දෙනෙත් යුගල් දැන්
අඹරට දිගුකර
බැල්මක් හෙලන්න මා දෙස බලා
නෙතගේ ඇදි රුව
හරිම සුන්දරයි..............
හරිම පිවිතුරැයි...............
කියන්න ඔය හිතෙ ඇති
සියලු සිතුවිලි......

Wednesday, July 21, 2010

සිහිනයෙන් පැයු සිතුවිල්ල



සුසුම් හැගුමක
පාවීගිය මා සිත
ඇදුනේ ඔය දෙනෙතට
අහඹුවක් වගේ.....
බැහැ ඉවතට ගන්නට
ඔය නෙත නොබලාම.....
මා දෙනෙත.......
එසුන්දර රුවට සම කෙනෙකු
මේහි නැත .......
එතරම් සුන්දරයි මා හට

පුංචි සිත් අඹරට
වදින සිත් ඉම
මහ මෙරක් වගේ
අරුමක් වී ඔබ
මගේ දිවියට

සුසිනිදු සද මඩළ
වටා දිළිහෙන තරු පොකුර
තරම් විස්මයක් ඔබ
මා හට...........




අනේ මන්දා

සිහිනයකට පෙම් කරලා
බැහැ  පියවියට එන්න
සිහිනයකින් මත්විලා
දිවියයි පාවිලා
සුසුම් වලින් දගකරලා
ප්‍රේමයටම වහා වැටිලා
සිහියෙන් ම පමණක් ඔබ
කළ ඒ ආදරේට...........
පියවියෙන් ඇවිත් ............
ඒ ආදරයම ..................
මුලා කළා..........
සිහිනය නම් .................
පිස්සුවක්ය.............

Sunday, July 18, 2010

වසන්ත සම.....




වස්සානියේ
ඇයුමක් මා කරන්නේ
ශිත අහසෙන් මිදි එන්නට
සුළගේ හසරැල් විදලා
ශිතයෙන් ගල් ගැසුණු
මගේ හිත හදන්න
මද පවනේ වෙලි එන්න
දැඩි ශිතයි මිරිකුණේ ඒකයි


සුර්ය කීරණ පතිත වන්නට
ඔබට යි මේ ඇරයුම්
වෘක්ෂ ලතාවෝ........
පල බර වී
තුරු වැල් හූ.........
දලු ලා වී
ගංගාවෝ පෙළට ගලාවී
ඔබ එන නිසාවෙන්....................


.කුඩුවක මා.............

කුඩුවට වී බලාසිටිමි මා

කව දා හෝ පලායන්නට
ලොකයේ මිහිර විදින්නට

ආසයි මාත් ඇත්තට
ඒත් මා..................
කුඩුවකට වී බලාසිටින්නමි...

ලස්සන තැන් වල
පියඹා යන්නට
ආසයි ඔබ වාගේ
ඒත් මා................

තටු නැති ගිරවෙකි...
බලා හිදි මා දුක් වීලා...........

Wednesday, July 14, 2010

අහන්නද


එදා මතකයේ
පුංචි කුමරියි අපේ ගමටම
පුංචි ගවුමට
මල් මාල පැළද ඔබ.....
රගන්නේය අප දෙනෙත් අභියස
උඩවැඩියා මල් පොකුරක් සේ
ඔබ පානා හසරැල්.........
පුන් පොදා පායන සද
වැනි සිනා නගන විට ...
ගලා යන ඔබේ කදුළු සේරම
පිසදමන්න ද
පෙර ලෙ සේ...........

ශිතයෙ කුමරියනි


වස්සානේ යි මුලා වී
ශිතයේ පෙම් බැදි කුමරියනි....
කියනු මැන,
කොතරම් දිගු ද කියා..
හදවතේ ගල් ගැසුනු මේ
ශීතය...........
සෙන්ඩලුවාවේ අට්ටික්කා
ගස යට
කැටි ගැසෙන මේ කදුලු
කෙතරම් උණුසුම්ද කියා........
කියන් ඔබ
වස්සානයේ හිනහෙන කුමරියනි..
සුබ පැතුම් අයදමි ඔබ වෙත
කිසි දිනෙක නිම් නොයෙන
මේ ශීතයේ සිට..........
ඔබට මෙන් ඔහුටද...

ඔබ මට නම්.......


විඩාවුන් රැයේ
පාවියන පුලුන්රොදක් සේ
ඔබ මට සුමුදු යි
ගලායන ගංගාවක් සේ
ඔබ හරිම සංකිර්ණයි
හමායන සුළගක් සේ
ඔබ හරිම ප්‍රචණ්ඩයි
කඩා හැලෙන වැස්සක් සේ
ඔබ මට සිසිලයි
කෙතරම් ඔබ ගැන කිව්වත්
නැත නිම නම්..............................

Sunday, July 11, 2010

කියන්න..............


කියන්නට කවියක්
හොදයි පද ගණනත්
එහෙත් එහි අරුතත්
යන්නේ පිටතත්
හිත එක්තැන් කරන්න හැදුවත්
බැරිවෙයි ඔය මුහුණ නැගුනොත්
අදින්නට සිතුවමක්
ආසයි ඇත්තට ඔබව බලා.....
නමුත් නැත අවසර බලනනටවත් ඔයරුව
මොනා කරන්නද දුකක් දැනෙනවා දැනෙනවා.....................

Saturday, July 3, 2010

උරුමය

අලෝකයට යැයි රැවටී
ඝන අදුරට පෙම් කලාට
රෝස මල් පොකුරක්
යැයි රැවටි.....................
කිඩාරම් මල් සිපගත්තට
එ මලේ පැහැය ඔබට ලැබෙවි
යැයි මලට රැවටි........................
ලස්සන දේ ලං කරගත්තට
නැත එය අප බලාගන්නේ
ඇයි ඔබ මුලාවී...................
කටු අත්තක් තුරුලු කරං
මොනවාද ඔබ කියාවී............
ඔබ ඇයි අයදින්නේ
මා ඔබේ කියා................
නැත කවුරුත් උරුම කරං
කදුල තමයි මට උරුමේ................

දැන් ඉන්න ඇත්තෝ