Showing posts with label ආ..දරය. Show all posts
Showing posts with label ආ..දරය. Show all posts

Thursday, June 1, 2017

(අා)දරයක පිටයෑම

දැක  සතුට නිවියන්න....

නුඔ

අද නොවේ 

හෙට

හොර පාරෙන්

ඒළිබහින්න....

Wednesday, December 8, 2010

නොදැනුනේ....

පැතූ පැතුම් මහ සාගරයක් වුණාට
නැත මා සිත පතන්නේ.....
ඇහිපිල්ලන් ගැසෙන මොහෝතේ
කියුබස් බර වුණාට.....
ඔබ මාගෙන් දුරින් වුන්නු දවසේ
මා දෙනෙතින් හැඩු කදුළු.....
නුඹට දැනෙන් නැති වුණාට...
මහ වැස්සේන් තෙත් බරවි...
නුඹ කොයිදැයි සේවු තරම් ...
මාගෙ සිත තාම හඩයි.....



Sunday, November 7, 2010

අහන්න ආසයි

සැඩ සුළගට පාවෙන්න
නිසොල්මනේ කවි කියන්න
හැන්දැවට තනියාමේ
අහස දෙසම බලාඉන්න
සිතෙනවා මේ යාමේ.....


තනිකමට ගොළුවුණ
අපේ හිත් ඇතුලේ
ආදරයෙන් දලු ලන්න
තවත් කල් ඇතිනේ....


පාවී ගොස් සිතිඡයට
අහන්න ආසයි ආදරය ගැන
නැති ලොවේ අන් රසදුනා
ආදරය තරම්ම සුවදේනා...

Wednesday, October 27, 2010

හීනයක්

දගකරන හිත්වලට
ආදරය දුන් ඔබ
හැමදාම හිත ලග
දගකෙරුවා...

හැමදාම හදපානේ
නු‍ඹේ රූපේ මවාගෙන
නුඹ ගැනම සිහිකෙරුවා
එය වරෙක හීනයක්
සැබැවටම ලස්සන සිහිවුමක්
දිවිතිබෙන තුරා මා....
ආදරය කරනවා...
එය නුඹ දන්නවා..

Sunday, October 10, 2010

ප්‍රේමය

ප්‍රේමය විසල් වු කල
සිතුවිලි බොළ වේ
පැතුම් නිසල් වු කල
හැගුම් දළු ලාවී
අපි අපිම වු කල
දෙදෙනෙක් නොවේ

Sunday, October 3, 2010

අදුරු මතකය......

මට හිමි නැතත් දුකක්  නෑ
වෙනකෙනෙකුට හිමිවුණත් කමක් නෑ
නුඹ හැරගියත් මට  දුකක් නෑ
මායේ හිතේ  කිසි තරහක් නෑ

නුඹේ හසරැල් මායේ නොවේ
නුඹේ  පැතුමන් මට හිමි නැතේ
නුඹේ සිනා දැන් මට නොවේ
නමුත් කිසිදා සිතින් නුඹ හැරනොයේ

මා පෙම් කළේ නුඹටයි
මිතුරු බහට කන් දුන්නේ නුඹමයි
මට ලංවුණේ හිමිහිට නුඹමයි
මා අතදමා හැරගියෙත් නුඹමයි

සරා සදක් සේ ආදරේ..........
පැතු පැතුම් මහා සාගරේ.......
සිනා කැකුළු මල් හිනයේ.......
එත් අද මා තනිවුණේ..........

Sunday, September 19, 2010

නොයන් හැරදා

සුදු රෝස යායේ
මල්මිටි යාවතේ
නුඔ කොයි ඉසව්වේ 
කියන් රහසේ..........

සුදුරෝ මල් ගවසන්නේ
සුදු වතින් හැඩවන්නේ
නුඔ කොයි යන්නද
කියන් රහසේ........

සැරසී මල් මාවතේ 
හිරුබැස යන යාමේ
හිරු සමගම යන්නද
කියන් රහසේ.....

සදු සෙමින් නැග එයි
හිරු සෙමින් බැස යයි
අයදින්නේ එක පැතුමකි
හඩමි රහසේ.......

නු‍‍‍‍‍බේ සිනා මාගේ හැගුම්
පතා ආ පෙරුමන් 
හඩා ගිය සිතවම් 
බොද මිදුම් සේ......

 නොයන් ලද ඔබ 
මා හැරදා
මා දිවියේ 
ප්‍රර්ථනා..........

Friday, September 10, 2010

රුපියලයි ,මමයි

ඩොලරයක් ලග
පාච්චල් වෙන
රුපියලක් සේ
නුඹ
ගාව
හැමදාම
මම

Monday, August 30, 2010

මුලා වු ඔබ

වැලි කතරේ
දිය පොදක් සෙව්
ඔබ......
මහ මෙරක් තුළ
බීමට දිය සෙව්
ඔබ...
ආදර ගැටබයා ගෙන්
ආදරය සව්
ඔබ......
ඡිවිතය මල් වෙනුවට
වල් කරගන්නට වෙරදරයි ද??
ඔබ.......

නිහඩ භාවයේ සිටිය නුඹ....

සිනාහවක් නොපා කතා බස් නොදොඩා..
නිහඩ බාවයේ සිටිය නුඹ....
කාත කිරිමට අකමැති ඇය..
ඇහුකම් දිමය වටින්නීය...
එත් අද ඔබ...
හාත්පසින්ම වෙනස් විය...
සැමට පුදනා සිනා කැකුල
කරන බස් සනිපය
සැමට ගෙනෙයි සැනසුම.....
නැවත නම් නොවේවා
පෙර තත්වයමට.....
පැතුම එයයි.....

Friday, August 27, 2010

හිස් බව

කාන්තරයක් බදු මේලොව
සුන්දර මිරිගු මැවෙයි
සැමවිට....
එහෙත් එක නිමේෂයක...
ඡලය තිබෙයි උල්පතක...
දොතින් අරන්.......
බිමට ගත් විගස.....
වහා මිරිගුවක් සේ නැතිවුන....
දැත් දිගුකර බැලුහැම තැන....
හිස් වු දෑතක් පෙනුනි එයමට.....
මේලොවත් එලෙසමය...
ස්ථිර දෙයක් නැත...බොදවු පැතම් ඇත...

Wednesday, August 25, 2010

නිල් අහස....

මාගේ ඡිවිතයේ
නිල් අහස යට ඔබ.....
ඔබගේ වලාගැබෙන්
මා නෙත් අන්ධ වුණි....
වශි වූ නෙත් යුග
වටපිටට දිස්කල
බැල්ම නම්...........
ඉගි කල ඔය නෙතින්
මා සිත් ඇදගත්
බව නම්............
හැගුමන් පැතම් වුවා
සිතුවිලි දොරේ ගැලුවා
ඔබ නම්.......
මාගේ නිල් අහස යට පැයු
ඉරබටු තරුවක් ද??......


Monday, August 23, 2010

කදුල සහ කවිය

කදුලක් වෙලාවත්
 රැදියන් නුඔ
නෙත් අද්දර
ඇයදුවා මා නු‍ඹෙන්
නමුත්..ගිලිහුණා ඔබ මට..
කදුළක් වගේමය
හීතල පමණක්...
කවියක් වේවි
නේක පදරුත් මවන
හිතුවා මම තනියම.....
වැරදුනි මට....
එළිවැට අවුල් උන
ගළපන්න ගිහින් නුඹ
ආත්මයම වියවුල් උන
කදුළු කවියක් පමණි නුඹ
පද ඉහිරුනු............

Sunday, August 22, 2010

ආදරයට ඇයි මෙහෙම වුනේ...

ලියු ආදරය
ඡිවිතයට දුන්නු ප්‍රේමය
සදා නොමැකෙන මතක අහුරක
ගිලි සිටියේ.....
වැල්ලේ මත දිවගිය
ආදරය සොය සොයා...
ඒ ආදරය දැන් වැල්ලේ ලියුවක් වුවා....

Wednesday, August 18, 2010

මග වැරදුනි......



                                                               හීන් මන්දාරම් වැහි පිනි
එක දෙක පොළවට වැටෙයි
පපු කෙමීය ගැස්සෙයි
ලබ් ඩබ් හඩ වැටෙයි
අනන්තය මග පාර පෙනෙයි
නමුදු මග දුරයි
කෙසේ පාරේ පියමනින්නද
ඔබ නැති ලොවේ
කිමක් කරන්නද දෛවයේ සරදමට පිටින්
මා දිව ගියා ඒ මාවතේ..
ඔබ සිටිනවා දැයි නෙත් යොමා වට විපරම් කළා
නමුදු ඔබ නොදුවේය...
මොනාකරන්නද මටම නොතේරෙයි
දුකින් මිරිකි සිටියි මං....
  ඔබ නැති ලොවේ මා මක් කරන්නද?..
..........$$රත්තරනේ$$....

ඇය..........

පියුම් අතරින් ගලනා දිය
සුසුම් අතරින් හෙලනා ඉම
දොරේ ගලනා ආදරය
ඇයට දැනේ දෝ.............

ඡිවිතයට එකවරක් ආදරය ලබා
ඒ දෙසම නෙත පිනවා
බලා සිටි ආදරය
ඇයට හැගේ දෝ................

ඇ දෙස නෙතු නොපියා බලා සිටියා
රැ දහවල් නොබලා
නමුදු.......
මා ඇයට කල ආදරය
ඇයට ලැබේ දෝ............

මේ විසල් සුවිසල් ලොකයේ
මා වැනි අසරණයෙකුට
ඔබ වැනි සුරුපීයකින්  ආදරයක්
හිමි වේ දෝ................

ඡිවිතයට ආදරයක්...ආදරයට ඡිවයක්...
ලැබේ දෝ..ඇයගෙන්
ලැබේ දෝ.....................

Friday, August 13, 2010

වරද කිමක්ද????

දුටු රුවන් ගැබ්
නොදුටු සියන් පත්
කෙමෙන් අවුලා
ගිය මල් පෙතක්
වැනිය දුකටත්
ඔබ මගෙන් සොරා ගත් ආදරය
මටනම්......................
විටකදි ලැබුණු ආදරය
පිපෙන්නට වත් අවසරය නොළද
අහීමි වුයේ අහම් බෙන්ම වගේය
මේසේ කරන්නට සිතුවේ ඇයි ඔබ
මාගෙන් වු වරද කිමක්ද????

Monday, August 9, 2010

බැස ගියා මළහිරු

රන් පාට මළහිරැගේ
කිරණ හිමිහිට පතිත වන යාමේ
ගස්වලට මුවා වේමින්
කදන් මත එති එති
රහස් කියු කාලය
මතක ද අයියේ
කියන් නුඹ හිමිහිට
ඔය දෑස වසාගෙන
දුර පේන නිල්ල පාමුල
වගුරු වන පෙතේ සැගවුණ
ලොවට රහසේ මැලවුණ
පින්න මල් පොකුර නුඹමය

එදා කළ ඇයරයුම
දුකක් නිසා මට නැතිවුණ
බවද තාමත් සිහිවන
සදා මකයි අයියේ
කල වරද හදාගන්නට
තාමත් ළතවන මම
මාගෙන් වුණු වරදට නුඹ ගෙවු වන්දිය
හරිම දුකකි අයියේ
ඒ බව මට දැන් වැටහෙයි හිමිහිට

මේ හිරැ බැස යන්නට පෙර
නැගිට ඇවිත් මා සුරතට
එදා වුන් මතකය
අවදි කරමු අපි හිමිහිට
අවිද ගොස් අනන්තයට
සතුටින් සිටිමු සැම දින
එත් ඔබ අද.................................

Sunday, August 8, 2010

පිහාටු අග

පතිත වනමේ පෙද සිනිදුව
දවටන විට ඇග කෙමියක
කිතිකැවෙයි කෙමින් කෙම
පතිත වන්නට පෙර එය
රැගෙන යයි ඇතට
සුළගක් ඇවිත් හිමිහිට
පාවියන වලාවක් සේ
සියුමැලු සුසිනිදු පෙදේ
විඩාව සිටින මාගේ හදේ
කිතිකවපන් හිමිහිටේ

දැන් ඉන්න ඇත්තෝ