Sunday, September 12, 2010

ඩයිරියක කටු සටහන


ගොඩක් දවසකට පස්සේ..............
ඡිවිතයක් සොයාගෙන යනවිට එය සොයා ගැනිමට නොහැකි වුවොත්.....?ම්හ්....හා...මොන තරම්නම් දුකක් ද ඉතිං ඒ දුක දැනුනු හැම අවස්ථාවක ම ඔහුගේ තනියට සිටියේ ඔහුගේ ඩයිරිය යි.හැම දුකක්ම සතුටක්ම කටුවට ලියවුණේ මෙයෙ යි.කදුදැලි වලින් බොදවී ගිය ඩයිරිය නැවත ගොඩ වැදි ඔබ වෙතට................
''අම්මේ!....අම්මේ!... ඔයා තාම ලැස්තිවෙනවද?''සකුන්තලා ඇසුවේ ය.''පොඩ්ඩක් ඉන්න ළමයෝ මොකක් ද ඔච්චර හදිස්සිය ඔයාට තව මාස දෙකක් ඉන්න පුළුවන් එහෙ ගිහින්..''අම්මා කිවේ ය.සකුන්තලාගේ සතුට දෙගුණ තෙගුණ වුණා ඒක අහලා.මොක ද ඇය ගෙදරට වඩා නැන්ද ලාගේ ගෙදට්ට හරිම කැමතියි නැද්දත් එක්ක ඉන්න ඊට වඩා කැමතියි.කට්ටියම යන්න ලැස්සියි.හැබැයි කට්ටිය කිව්වට අම්මයි දුවයි විතරයි.එත් එක අඩුවක් තියන වා 'ලිස්' නැනේ.ලිස් කියන්නේ ....ආ..මේ.සකුන්තලාගේ හුරතල් පුස් පැටියා.මේන්න මේ ගොල්ලෝ ගමන යන්න පටන් ගත්තා.
''අම්මේ ඔයා එහෙ ඉන්නේ නැද්ද ? ''මම එහෙ හිටියම ගෙදර ඉන්න තාත්තටයි මල්ලිට යි කන්න උන්නේ කවුද''දෙදෙනා අතර සුහද සංවාද යක් ඇතිවුණි.හරියටම පැයකින් සකුන්තලාගේ නැන්දලා ගෙදරට ගියා.
''ආනේ! මාගේ පුංචි කෙල්ලේ ඔයාව දැක්ක කල් .....''සතුටින් ඇයව වැළද ගත්තේය.''ඉතිං කොහොම ද නංගියේ ''සකුන්තලාගේ මව දෙසට හැරි විමසන්නට විය.''ඔහේ ඉන්නවා අක්කේ,මේ දවස්වල නිවාඩුනේ.ඒ නිසා නිදහස්.''එක තමයි. නැත්තන් නංගිට ඔලුව උස්සනවා බොරු නේද....''
සිනාවෙන් පිරි සංවාදක් විය.බොහෝ කාලයකට පසු  ආව නිසා සකුන්තලාට අලුත් තැනකට ආවා වගේ
දැනුනා.
        එත් මේ ගෙදර එදා තිබ්බා වගේම මළ ගෙදරක් වාගේ ඒදෙය කවදාවත් නැතිවෙන්නැ ...මේ කථාව රහසක් හැටියට තවමත් යට ගොස් ඇත.
''සකු!සකු!...මම යනවා..''අම්මා කිවේය.''ආ!අම්මා මේ යන්නද හදන්නේ ''
''ඔව් දුවේ, පරිස්සමෙන් ඉන්න..දග කරන්න එපා.නැන්දට කරදර නම් කරන්න එපා'' ''හොදයි අම්මා'''' මොන කරදරයක්ද නංගියේ ,මම තනියම ඉන්න එකේ මේ දරුවා මට  සැනසීමක්''ඒ වචන පොද මුවෙන් පිටවෙනවාත් සමගම අයිරාගේ ඇසීන කදුළු පනින්න ගත්තා.''අයිරා නැන්දේ මොකො ඔය ඇස්දෙකේ කදුළු.''
මේ සියල්ම තමාගේ අවසනව යැයි සිතා දැස පිහදාගත්තා.එවිටම සකුන්තලාගේ මව වාහනයෙන් නැග පිටත්ව ගියා
.''දුවේ සකු.....! දැන් එළියේ හිටියා ඇති දැන් හවස් වෙලා...දොරත් වහලා ගේ ඇතුලට එන්න''
''හොදයි නැන්දේ,මේ එනවා!''ඇත කදු දෙස බලාසිටි සකු විගසින් දොරත් වසාගෙන ගේ ඇතුලට ආවා. 

ඊට පස්සේ මොකද වුණේ ? තවත් ලිපියකින් හමුවෙමු....

2 comments:

දුකා said...

දැනට හොඳයි කියලා කියන්නම් ...

ලියපු කතාව ආපහු ආපහු දෙතුන් පාරක් කියවල බලන්න . .

කතාව කියනන් හදන ඔයා නොවී පාඨකයෙක් කියලා හිතලා කියවන්න . .

එතකොට වැරදි අඩුපාඩු හම්බුවෙයි . . .

තව කොටසක් දෙකක් ගියාම වැඩි විස්තර . .

නිවාඩු පාඩුව අනිත් කොටසුත් ලියන්න මල්ලී

තක්ෂිල said...

@දුකා අයියේ,
ඇත්තම තමයි ඒ ක්‍රමයන් හොදයි.ඔයාගේ අදහස් නම් මරු.ස්තූතියි!

දැන් ඉන්න ඇත්තෝ