Friday, December 24, 2010

හිතන්න ඉන්න හැමෝම එක වාගේද??




ඡිවිතයට යාළුවෙක් ඉන්න එක ගොඩක් හයියක් වෙන්න පුළුවන් නේද..අපි වගේම හිතන පතන කෙනෙක් නම් වඩාත් හොදයි.නමුත් අපි අශ්‍රය කළ යුතු කෙ‍නා කවුද කියා දැනගන්න ඕනි.අපි හොද යාළුවෝ කියලා හිතන හැමෝම අපිට කරන්න හදන්නේ නරකක්මයි.අපි ඕනවට වඩා කාවවත් විස්වාස කරන්නේ නැත්තම් අපිට බොහෝදුරට ඒ ඒ කෙනාගේ සිතුම් පැතුම් ගැන දැනගන්න පුළුවන් වේවි.අපි වටේ ඉන්න හැමෝම වාගේ අපේ හතුරෝ නොවෙන්නත් පුළුවන් මිතුරෝ නොවෙන්නත් පුළුවන් එහෙනන් එයාලා කවුද???????
 සයුරේ රළ සේ....
ගසකට මල සේ...
අහසට හිරුසේ....
මිතුදම් පවතියි ලොව සැමදා 
හැමෝම මෙහෙම කියගෙන අපේ ඡිවිතවලට ඇතුල්වුනත් ඒ අය අපෙන් ප්‍රයෝඡන අරගෙන අපිටම වල කපන අවස්ථා ද මේ සමාඡයේ සිදු වී තිබෙනවා දැක ඇත.අපේ භාෂාවෙන් කිව්වොත් ''අපෙන්ම කළා අපිටම කෙලවන අය''.මෙහෙම අය ගැනත් ඇත්තටම ගොඩනැගුන මිතුරන් අතරත් වෙනස මොකක් ද?...මිතරෙක් හා හතුරෙක් අතර පවතින්නේ පොඩි වෙනසයි.එය හදුනාගැනිමට ඉතා පහසුයි.එත් මිතුරු වෙස්ගත් හතුරන් සොයා ගැනිමට බොහොම අමාරුයි.මිතුරෙක් හැමමොහොතකම තම මිතුරාගැන හිතයි.ඔහුට යහපතක් කිරිමට.ඔවුන් අපිව ගොඩක් සතුටින් තියන්න උත්සහා කරනවා.නමුත් මොනා වුනත් මිතුරන් කියන අය අපේ දුකෙදි මෙන්ම සතුටේදි අපි ලගින් ඉන්නවා.හදවතේ තියන දේවල් අපි එක එක අමුණ අමුණා කියලා හිත නිදහස් කරගන්න තියෙන එකම තැන පන්සල වුණාට බොහෝ අය තමන්ගේ හොදම කියලා හිතෙන යාළුවාට කියලා සතුටින් දුක සැප බෙදා ගන්නවා.


මේ කියන්න යන කථාවත් සමහර විට එහෙම වෙන්න පුළුවන් මොකද..... පුංචි කාලයේ සිටම යාළුවෝ එක්ක ඉන්න කැමති වුණාට එතරම් යාළුවන් සමග
සම්බන්ධතාවක් දැක්විමට මේ පොඩි හිතට හිතුනේ නැහැ.බොහොවේලාවට මොහු හිටියේ තනියෙන් එත් යළුවොත් එක්ක ඉන්න කොට පණට පණ වාගේ.....මේයාගේ චරිතය ඇත්තටම අමුතුයි වගේ..අවශ්‍ය වුනේ යළුවෝ විතරයි.හැමමොහොතකම..එත් ඔහුට ලගින්ම කියලා යළුවෙක් හිටියේ නැහැ.තමන්ට තියෙන ප්‍රශ්න හිතේ හිරකරගෙන ඉන්නවා ඇරෙන්න ඔහුට වෙන මොනාවත් කරන්න තිබුනේ නැහැ.මොහු හරිම අහිංසකයි.ඒ වගේම ඡි‍විතෙන් ගොඩක් පාඩම් ඉගෙන ගෙන ඉන්න කනෙක්.ඡිවිතෙ හරිම සරලයයි කියලා හිතාගෙන හිටිය මේයාට ඡිවිතේ කටුක බව ඇස් දෙකෙන්ම බලාගන්න මෙයාටම පුළුවන් වුණා.ඡිවිතයට ආපු බොහෝ ප්‍රශ්න තනියම පුංචි හිතින්ම විදවාගත්තා ඇරෙන්න මෙයාට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.මේයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා.ඒවාගේම තව සහෝදරියකුත් ඉන්නවා.නමුත් මේයාව පවුලෙන් තරමක් ආදරය ගිලිහි ගිය කෙනෙකි.අම්මාගෙත් තාත්තාගෙත් පවුලේ නැයොත් වැඩිපුර ආදරය කලේ ඒයාගේ සහොදරියට විතරයි.හැබැයි මේයාගේ එක දුර්වල තාවයක් තිබ්බා ඒ තමයි මේයාට ලංවෙන හැමෝම මේයා හරියට විස්වාස කරපු එකයි ‍.ඒ නිසා මේයාට පවුලෙන් තිබුනු පොඩි හරි ආදරය ද‍ කෙමෙන් නැතිවි යන්නට ද එය හේතුවක් වුණා.මේයාට හම්බවෙච්ච යාළුවෝ කොච්චර හොදද කිව්වොත් මේයාව යොදවා ගන්නේම එගොල්ලන්ගේ වාසිය තකාමයි.මොහුගේ වෙනස් විම ඔවුන්ගේ දෙමාපියන්ට දැනුනේ දෙමාපියන්ට මුරන්ඩු විම නිනාවෙනි.පසුව මේ ළමයාට දෙමාපියන්ව නොපෙනන තරමටම මේ යළුවන්ගේ අශ්‍රය හේතුවුණා.යම් අවස්ථා වලදි මත්ද්‍රව්‍ය වලට පවායොමු වුනා.ඇත්තටම වේලාවකට දුකක් හිතෙනවා,මොකද යළුවෝ වෙනුවෙන් මේච්චර කැපකිරිම් කරලත් මොහුට ඒ යාළුවො සලකන විදිහ හරිම නරකයි.නමුත් මොහුගේ ඉගෙනිම උපතින්ම වාගේ තිබුණු නිසා වැඩි බලපෑමක් තිබුනේ නැහැ.ඔය අතරෙදි මොහුට යාළුවෝ අතහැරලා වෙනත් 
පළාතකට යන්න සිද්ධ වුණා.නමුත් හරියටම මාස 3 කින් ඔහු එහෙන් නැවත මෙහාට එන්න සිද්ධ වුණා .එවිට ඔහුට යන්න වුණේ වෙනත් පාසලකට .ඒ පාසලේ සිටිය ළමයි ඊට අන්ත ලමයි.අවසානයේ දි මොහු යාළුවන්ගේම මත්තේ නැහිලා ඡිවිතේම අදුරු කරගත්තා.දැන් ඔහු මානසික ලෙඩෙක් විදිහට තමයි ඉන්නේ.අළුත් පාසලේ ළමයි,මත් ද්‍රව්‍ය වලට වඩාත් කැමතියි.ඒ නිසා මොහුත් ඔවුන් සමග කරන්න පුළුවන් හැම ඡරා වැඩක්ම කලා.අන්තිමට මොහු පමණක් ඒ මේ සියලු දේවලට වැරදි කරයා වුණා.

ඡිවිතයට ලැබෙන හැම යාළුවෙක්ම එක වගේම හොදයි කියලා හිතන්න එපා!!!!!

ඔබගේ වෙනස් විම


Saturday, December 11, 2010

(නො)පැතුවා

ආදරයක් මා පැතුවා
එය වරෙම මා දමා ගියා....
හිනයකින් මා නුඹ සෙව්වා
එක වරෙම ඒ බොදවුණා....
මුවගින් හිනාමල් පිබිදුවා
නුඹ නැති නිසා පරවුණා....
සතුටක් දැනෙයි දෝ සිතුනා
දුකක් ඇවිත් මා හැඩවුවා....
කෙනෙක් මා අත ගනියි දැයි බැලුවා
තනිකම නිසා එය නැතිවුණා.....

Wednesday, December 8, 2010

නොදැනුනේ....

පැතූ පැතුම් මහ සාගරයක් වුණාට
නැත මා සිත පතන්නේ.....
ඇහිපිල්ලන් ගැසෙන මොහෝතේ
කියුබස් බර වුණාට.....
ඔබ මාගෙන් දුරින් වුන්නු දවසේ
මා දෙනෙතින් හැඩු කදුළු.....
නුඹට දැනෙන් නැති වුණාට...
මහ වැස්සේන් තෙත් බරවි...
නුඹ කොයිදැයි සේවු තරම් ...
මාගෙ සිත තාම හඩයි.....



Wednesday, December 1, 2010

අල්ලගන්න අමාරු ඩොලර්


දගකාරකම් හිත් ඇතුලේ
කැලැත්තෙන ආදරය
තට්ටු හතක මාලිගාවක
සිරියහ වාගේ
කරන දගකාරකම්
කියන කටකාරකම් 
අත්තෙන් අත්තට පනින 
එක අතකටවත් අහුනොවෙන
ඩොලර් කොල වාගේ...

සිහිනයක් ද

Wednesday, November 17, 2010

Twilight Saga: Official New Moon Soundtrack Preview

ආදරය කොයිකරම් නම් සෙනෙහෙවන්තද ,අහන්න මෙකත් කොහොමද කියලා.........

මා සිත් සිහිනගයි....


සුළං හසරැල් ගලායන යමෙක
ඔබේ සුවදත් ඒ සමග ආවේ
පෙරදා මැවුනු සිනාවල්
නැග ආ ඒ මදනල
අවුත් මා හිත් කොනියා ගියා....

ආදරය නම් සුන්දරයි
නමුත් එය හරි සුමිහිරි වරදකි
ඔබ නැගුව බස් මට නැ‍ගවුණා
යළිත් නුඹ හමුවෙන්න ඇත්නම්
මාගේ හද වැළපුණා......

පිනි වැස්සේ ආදරය තෙත්වී
දොරේ ගැලු ඒ ආදර කතා
යළිත් නොම එයි කිසි දිනේ
මාගේ සිත කොදුරා ගියා......

Sunday, November 7, 2010

අහිමි වුනත්

ඩයිරියක කටු සටහන

ගොඩක් කල් ගියා කතාව ලියන්න එකට සමාවේන්න
ගිය කතාවේ පරිදි,
සකු දොරත් වසාගෙ කටි මුඩියේ ගේ ඇතුලට දිවගියේය.නැන්දා බයවී සකුට කතා කළාය.
"සකු!සකු!දුවේ මොකක්ද ඔය සද්දේ" මුකුත් සද්දයක් නෑ
මේ... මම...'' ආ... මොකද ඔච්චර හයියෙන් ඇතුලට ආවේ'' නිකං!සකු එසේ කියාගෙන බාත් රූම් එකට ගියා.
නැන්දා සකුට තේකක් හදලා ඇදට ආවා.කාමරේ අල්මාරියේ තිබුණ පොතක් අරගෙන නැන්දා කියව කියවා ඇදට ආවා.''නැන්දේ ඔයා තේ බිව්වාද?''එසේ කියාගෙන සකුත් නැන්දා සමගම ඇදේ වාඩි වුණා.''ඔව් සකු, මම මේ තේක බිපු ගමන්ම තමයි මේ ඇදට ආවේ.. ''නැන්දා ‍එසේ පිළිතුරු දුන්නා.''නැන්දේ මොකක්ද ඔය  පොත,මොකක්ද නම පොතේ?''මේ පොතේ නම තමයි 'ආදරයේ බිහිසුණු චාරිකා'මේ පොත කියවලා මම ඔයාට දෙන්නම් කෝ කියවලා බලන්න කොහොමද කියලා''නැන්දා එය ගොඩක් ලස්සනට කිව්වා සකුගේ හිත එම පොතට ගොඩක් අසාවෙන් සිටින්නේ.බොහෝ වෙලා දෙන්නා කතා කර කර සිටිය නිසා දෙදෙනාටම නිදිමත වැඩිවිය දෙදෙනාම නොදැනිම නින්දට වැටිණි.
පසු දින ඇය නැගිටින විට ඇදේ ‍සිට් දෙකක්ම පෙරවාගෙන නිදියගෙන ඇති බව ඇයටම දැකගන්නට ලැබිණි.
කඩිමුඩියේ ඇය ඇදෙන් නැගිට කුසියට දිව ගියාය.''ආ! ඔයා නැගිට්ටාද,ඔයා හොදටම නිදි නිසා කතා කරේ නෑ මම.'' ''එකට කමක් නැ නැන්දේ ....''ගිහින් මුහුණ හොදගෙන එන්න මම උදේ කැම ලැස්ති කරනකම්''නැන්දා කිවේය.'' හොදයි නැන්දේ හොදගෙන එන්නම්''සකු එසේ කියමින් ගියා.

ඉතිං ඊට පස්සේ මොකද  වුනේ කියලා බලමු තවත් ලිපියකින්....................

අහන්න ආසයි

සැඩ සුළගට පාවෙන්න
නිසොල්මනේ කවි කියන්න
හැන්දැවට තනියාමේ
අහස දෙසම බලාඉන්න
සිතෙනවා මේ යාමේ.....


තනිකමට ගොළුවුණ
අපේ හිත් ඇතුලේ
ආදරයෙන් දලු ලන්න
තවත් කල් ඇතිනේ....


පාවී ගොස් සිතිඡයට
අහන්න ආසයි ආදරය ගැන
නැති ලොවේ අන් රසදුනා
ආදරය තරම්ම සුවදේනා...

Sunday, October 31, 2010

සරසවියේ යුධ බිම....


අධ්‍යාපන තම ඡිවියට සමාන කරගත් සරසවියේ පිපුණු මල් අද වන විට වීර සෙබළුන් සේ අසත්‍ය වෙනුවෙන් හඩ නගයි .නමුත් සත්‍ය සිර කොට අසත්‍ය එළියට දමන කෑදර කපුටන් සිටියි.මේය සමාඡ ප්‍රශ්නයක් ගානටම වැටෙද???????????

රැවිටිලි බස්වලට කන් දුන් කාලය දැන් නොඇසෙවා
අසාධාරණ මුර වැටවල් දැන් කඩපල්ලා
මුසාවෙන් ඔබ ගුටි බැට කා හැටිදැන් සිහිවෙන්නා
පො‍ලවේ හැපෙන හැම දුවිල්ලක් ගානේ නුඹලා දුක්වින්දා

සත්‍ය අසත්‍ය කොට කරනා 
මේ විකාරේ..
තවත් බලාසිටියොත් 
නම් අපරාදේ..
සරසවියේ මළවුන් 
දැන් රගාදෝ..
සත්‍යයේ ධඡය නැග
එයිදෝ බලාදෝ....

Wednesday, October 27, 2010

හීනයක්

දගකරන හිත්වලට
ආදරය දුන් ඔබ
හැමදාම හිත ලග
දගකෙරුවා...

හැමදාම හදපානේ
නු‍ඹේ රූපේ මවාගෙන
නුඹ ගැනම සිහිකෙරුවා
එය වරෙක හීනයක්
සැබැවටම ලස්සන සිහිවුමක්
දිවිතිබෙන තුරා මා....
ආදරය කරනවා...
එය නුඹ දන්නවා..

Saturday, October 23, 2010

ඡිවිතය..

ඡිවිතය මිහිරිය නමුත් අමිහිරි තැන් බොහෝ ඇත
සුළන් රොදන් සේ තියෙන හදවත් ගල් වි යනු ඇත
සුන්දර බව කොතෙකුත් ඇතත් අසුන්දරදේ ඡිවත් වනු ඇත
අසම්මත මේ ලොකේ සම්මත යැයි දේ තියෙනු ඇත
පතන්නාව පැතුම් දහරන් සියල්ල සිත් සනසන්නටම වනු ඇත
නමුත් ලොකේ දුක්ඛි බව එයින් වටහාගනු ඇත
සියළු පැතුම් බොදවු කළ
ඡිවිතතය දුක බව
නමුත් ලොකේ එකම සත්‍ය
එය වනු ඇත....

තනිකම....

Sunday, October 17, 2010

උරුමය....



උහුල උහුලා දුකම
සසර දුර ආ ගමන
අතැර සුපුරුදු කදුළු
හිනාවෙන්නේ කොහොම

Sunday, October 10, 2010

ප්‍රේමය

ප්‍රේමය විසල් වු කල
සිතුවිලි බොළ වේ
පැතුම් නිසල් වු කල
හැගුම් දළු ලාවී
අපි අපිම වු කල
දෙදෙනෙක් නොවේ

Sunday, October 3, 2010

අදුරු මතකය......

මට හිමි නැතත් දුකක්  නෑ
වෙනකෙනෙකුට හිමිවුණත් කමක් නෑ
නුඹ හැරගියත් මට  දුකක් නෑ
මායේ හිතේ  කිසි තරහක් නෑ

නුඹේ හසරැල් මායේ නොවේ
නුඹේ  පැතුමන් මට හිමි නැතේ
නුඹේ සිනා දැන් මට නොවේ
නමුත් කිසිදා සිතින් නුඹ හැරනොයේ

මා පෙම් කළේ නුඹටයි
මිතුරු බහට කන් දුන්නේ නුඹමයි
මට ලංවුණේ හිමිහිට නුඹමයි
මා අතදමා හැරගියෙත් නුඹමයි

සරා සදක් සේ ආදරේ..........
පැතු පැතුම් මහා සාගරේ.......
සිනා කැකුළු මල් හිනයේ.......
එත් අද මා තනිවුණේ..........

Sunday, September 19, 2010

නොයන් හැරදා

සුදු රෝස යායේ
මල්මිටි යාවතේ
නුඔ කොයි ඉසව්වේ 
කියන් රහසේ..........

සුදුරෝ මල් ගවසන්නේ
සුදු වතින් හැඩවන්නේ
නුඔ කොයි යන්නද
කියන් රහසේ........

සැරසී මල් මාවතේ 
හිරුබැස යන යාමේ
හිරු සමගම යන්නද
කියන් රහසේ.....

සදු සෙමින් නැග එයි
හිරු සෙමින් බැස යයි
අයදින්නේ එක පැතුමකි
හඩමි රහසේ.......

නු‍‍‍‍‍බේ සිනා මාගේ හැගුම්
පතා ආ පෙරුමන් 
හඩා ගිය සිතවම් 
බොද මිදුම් සේ......

 නොයන් ලද ඔබ 
මා හැරදා
මා දිවියේ 
ප්‍රර්ථනා..........

Friday, September 17, 2010

ප්‍රශ්න උත්තර..

නිස්සාරයක් දෝ....
තේරෙන දේ ට නොතෙරෙන යමක් දෝ.....
ප්‍රශ්න පත්තර ද බොතල් පත්තරද
මොන ප්‍රශ්නද
මේ උත්තර...


                                  exam වලට අළුත් කලාව
                                              මම තක්ෂිල

Sunday, September 12, 2010

ඩයිරියක කටු සටහන


ගොඩක් දවසකට පස්සේ..............
ඡිවිතයක් සොයාගෙන යනවිට එය සොයා ගැනිමට නොහැකි වුවොත්.....?ම්හ්....හා...මොන තරම්නම් දුකක් ද ඉතිං ඒ දුක දැනුනු හැම අවස්ථාවක ම ඔහුගේ තනියට සිටියේ ඔහුගේ ඩයිරිය යි.හැම දුකක්ම සතුටක්ම කටුවට ලියවුණේ මෙයෙ යි.කදුදැලි වලින් බොදවී ගිය ඩයිරිය නැවත ගොඩ වැදි ඔබ වෙතට................
''අම්මේ!....අම්මේ!... ඔයා තාම ලැස්තිවෙනවද?''සකුන්තලා ඇසුවේ ය.''පොඩ්ඩක් ඉන්න ළමයෝ මොකක් ද ඔච්චර හදිස්සිය ඔයාට තව මාස දෙකක් ඉන්න පුළුවන් එහෙ ගිහින්..''අම්මා කිවේ ය.සකුන්තලාගේ සතුට දෙගුණ තෙගුණ වුණා ඒක අහලා.මොක ද ඇය ගෙදරට වඩා නැන්ද ලාගේ ගෙදට්ට හරිම කැමතියි නැද්දත් එක්ක ඉන්න ඊට වඩා කැමතියි.කට්ටියම යන්න ලැස්සියි.හැබැයි කට්ටිය කිව්වට අම්මයි දුවයි විතරයි.එත් එක අඩුවක් තියන වා 'ලිස්' නැනේ.ලිස් කියන්නේ ....ආ..මේ.සකුන්තලාගේ හුරතල් පුස් පැටියා.මේන්න මේ ගොල්ලෝ ගමන යන්න පටන් ගත්තා.
''අම්මේ ඔයා එහෙ ඉන්නේ නැද්ද ? ''මම එහෙ හිටියම ගෙදර ඉන්න තාත්තටයි මල්ලිට යි කන්න උන්නේ කවුද''දෙදෙනා අතර සුහද සංවාද යක් ඇතිවුණි.හරියටම පැයකින් සකුන්තලාගේ නැන්දලා ගෙදරට ගියා.
''ආනේ! මාගේ පුංචි කෙල්ලේ ඔයාව දැක්ක කල් .....''සතුටින් ඇයව වැළද ගත්තේය.''ඉතිං කොහොම ද නංගියේ ''සකුන්තලාගේ මව දෙසට හැරි විමසන්නට විය.''ඔහේ ඉන්නවා අක්කේ,මේ දවස්වල නිවාඩුනේ.ඒ නිසා නිදහස්.''එක තමයි. නැත්තන් නංගිට ඔලුව උස්සනවා බොරු නේද....''
සිනාවෙන් පිරි සංවාදක් විය.බොහෝ කාලයකට පසු  ආව නිසා සකුන්තලාට අලුත් තැනකට ආවා වගේ
දැනුනා.
        එත් මේ ගෙදර එදා තිබ්බා වගේම මළ ගෙදරක් වාගේ ඒදෙය කවදාවත් නැතිවෙන්නැ ...මේ කථාව රහසක් හැටියට තවමත් යට ගොස් ඇත.
''සකු!සකු!...මම යනවා..''අම්මා කිවේය.''ආ!අම්මා මේ යන්නද හදන්නේ ''
''ඔව් දුවේ, පරිස්සමෙන් ඉන්න..දග කරන්න එපා.නැන්දට කරදර නම් කරන්න එපා'' ''හොදයි අම්මා'''' මොන කරදරයක්ද නංගියේ ,මම තනියම ඉන්න එකේ මේ දරුවා මට  සැනසීමක්''ඒ වචන පොද මුවෙන් පිටවෙනවාත් සමගම අයිරාගේ ඇසීන කදුළු පනින්න ගත්තා.''අයිරා නැන්දේ මොකො ඔය ඇස්දෙකේ කදුළු.''
මේ සියල්ම තමාගේ අවසනව යැයි සිතා දැස පිහදාගත්තා.එවිටම සකුන්තලාගේ මව වාහනයෙන් නැග පිටත්ව ගියා
.''දුවේ සකු.....! දැන් එළියේ හිටියා ඇති දැන් හවස් වෙලා...දොරත් වහලා ගේ ඇතුලට එන්න''
''හොදයි නැන්දේ,මේ එනවා!''ඇත කදු දෙස බලාසිටි සකු විගසින් දොරත් වසාගෙන ගේ ඇතුලට ආවා. 

ඊට පස්සේ මොකද වුණේ ? තවත් ලිපියකින් හමුවෙමු....

ගෙම්බෝ වාගේ පනිනවා

කලින් කලට ගහන තහඩු
''මං මැරුණත් නෑ''
පනින්නේ..
තවත් අයෙක් පිටු පස හිද
පණ දෙන්නත් කැමති වුණේ
ටික කලෙකින් අයෙක් කියයක්
අළුත් පනත් ඕනි වෙද
හිටියෙනම් තොලෙන් තොල
දැං ඉතින් මොකද වෙද
මේකයි මේ
බස් එකේ දැං හුලං මදියි
අපිට බැරිය පාමාව
ගමන ඉක්මන් වෙන්න ඕනි
හුලං තියෙන බස්එකේ ගිහිං
කොන්දෙසිත් දැං බන්දෙසි වල
ලොක්කා දැං අතරමග......

Friday, September 10, 2010

රුපියලයි ,මමයි

ඩොලරයක් ලග
පාච්චල් වෙන
රුපියලක් සේ
නුඹ
ගාව
හැමදාම
මම

Monday, August 30, 2010

ඩයිරියක කටු සටහන

දින සටහට මේ.... දිනයක කටු සටහන දන්නවා ද ම්...නැ නැ කියන්න කෝ? පොඩ්ඩක් ඉන්න කෝ  මම කියන්න නම් ලග දිම එතකන් බලා ඉන්න.මේ ලියන්න ලැස්ති වුණා විතරයි!!!!!!

මුළාව

කරපු අකුසල් වහා ගැනිමට
විහාරේ මළුවට ගියාට
මල් පහන් පුදා
තුණුරුවන් වැන්දාට
පසක් වේවිද
ඔබට මොක් පුර.....?

වැරදි වලින් මිදෙමු....

''වැරදි කිරිම මිනිස් ගතියක්නේ....ඉතිං සමාව දීම දේව ගතියක්''කියනවා අපිකවුරුත් අහලා තියනවා ඉතිං මේ වැරදි සිදුවිම සමාන්‍ය ස්භාවයක් .නමුත් නොදැනුවත්වම වරදක් තමන් අතින් සිදු වුවහොත් ඒ වරද යළි ඔබෙන් සිදු නොවීමට වගබලා ගන්න ඕනි. එමෙන්ම කල්පනාකාරී විය යුතුය. බොහොමයන් අවස්ථා වලදි තමා අතින් වු  වරදක් නැවත නැවත සිතන්නට යෑම නිසාත් තමන් නොදැනුවත්ම ඒ වරද තමා අතින් නැවත සිදුනොවිමට ඉඩ තිබේ. ඒනිසා අතීත සිද්දින් කරමින් හෝ පසුතැවිලි  නතර කොට යළිත් වරක් එය නොකොට බුද්ධිමත් ලෙස කිරිම අප කාටත් හොද වේ.........

මාගේ අප්පච්චි...

ආදරයේ දිය උල්පත...
සෙනෙහසක මහා පර්වතය.....
ගං වැලක් සේ ඔබ
මා පිටුපස සිටියේ..........
මාගේ අප්පච්චි......
හැගුම් සිරකරා සෙනෙහස පුදා 
මා ළයේ......
ඔබේ ගුණමහිමේ.......
මාතුරුලේ ඔවාලා නැලවුවා
ඔබේ උකුලේ ඉදං මා සැතපුණා
මාගේ අප්පච්චි......
 ඔබේ මතකය මා හදතුළ රැදුනේ
ඔබේ සුවදින් මා මං මත් වෙන්නේ
සදා.........
නිම්නැ ඔබේ පැතුවේ
''මා පුතු වැඡබේවා
මා පුතු රඡවේවා
මා පුතු සැනසේවා''
යැයි ඔබ කිවේ..........
මතකයි මාගේ අප්පච්චි........
ඔබේ ගුණ කෙලේසද නිම වන්නේ
මාමෙලේස පුදන්නේ ...
උපහාරයක් ම වේවා...
.මගේ අප්පච්චි..........
 -i.t.r-

පැමීණිම..

බලා ඉන්නම්
සසල හදවත
යන්න ගිය නුඹ
එනතුරා...
ආපු දිනයක
ළංව ඉන්නම්
හදින් සැමදා
පැතු නිසා..

මුලා වු ඔබ

වැලි කතරේ
දිය පොදක් සෙව්
ඔබ......
මහ මෙරක් තුළ
බීමට දිය සෙව්
ඔබ...
ආදර ගැටබයා ගෙන්
ආදරය සව්
ඔබ......
ඡිවිතය මල් වෙනුවට
වල් කරගන්නට වෙරදරයි ද??
ඔබ.......

නිහඩ භාවයේ සිටිය නුඹ....

සිනාහවක් නොපා කතා බස් නොදොඩා..
නිහඩ බාවයේ සිටිය නුඹ....
කාත කිරිමට අකමැති ඇය..
ඇහුකම් දිමය වටින්නීය...
එත් අද ඔබ...
හාත්පසින්ම වෙනස් විය...
සැමට පුදනා සිනා කැකුල
කරන බස් සනිපය
සැමට ගෙනෙයි සැනසුම.....
නැවත නම් නොවේවා
පෙර තත්වයමට.....
පැතුම එයයි.....

Sunday, August 29, 2010

මාගේ අම්මේ

අම්මේ...මං පොඩි කාළේ...
ඔය උකුළේ නැළවුනේ...
ඔබ තාලය මැව් නිසා............
මා හඩවා වැළපෙන විට
ඔබේ කිරි එරුනේ.....
රස කවි ගී කියමින් මා නැළ
වුයේ.....
''නාඩම් මය පුතුනි
දැං මං ළග සිටිමි''
කියමි ඔබ අම්මේ.....
දස මාසක් ඔබේ..
කුසයට මා හිදුවා..
ඔබේ සෙනෙහස මට පිදුවා...
අම්මේ.......
මේ අපමණ ගුණ කද....
මා කෙලෙස කියන්නේ
නිම්නෑ අපේ අම්මේ ගුණමහිමේ....
මේ මගෙන් ඔබ හට උපහාරයක් පුදමි...
අම්මේ............

Friday, August 27, 2010

හිස් බව

කාන්තරයක් බදු මේලොව
සුන්දර මිරිගු මැවෙයි
සැමවිට....
එහෙත් එක නිමේෂයක...
ඡලය තිබෙයි උල්පතක...
දොතින් අරන්.......
බිමට ගත් විගස.....
වහා මිරිගුවක් සේ නැතිවුන....
දැත් දිගුකර බැලුහැම තැන....
හිස් වු දෑතක් පෙනුනි එයමට.....
මේලොවත් එලෙසමය...
ස්ථිර දෙයක් නැත...බොදවු පැතම් ඇත...

Wednesday, August 25, 2010

කපොතියක් වැටෙයි ද?

කාඩ් කුට්ටම හතරට පෙරලේ...
ආසියා නම් උඩින්ම දිස්වේ...
බුරුවා කපයි හේරගෙන්...
පොරව වැටුනොත් කපොතියි...
එක දිගට කපාගෙන....
කාලාබර හාරත වලින්..
තාම ගේම නම් ඉවර නෑ
තුරුම්පු ඔක්කෝම මගේ අතේ...


නිල් අහස....

මාගේ ඡිවිතයේ
නිල් අහස යට ඔබ.....
ඔබගේ වලාගැබෙන්
මා නෙත් අන්ධ වුණි....
වශි වූ නෙත් යුග
වටපිටට දිස්කල
බැල්ම නම්...........
ඉගි කල ඔය නෙතින්
මා සිත් ඇදගත්
බව නම්............
හැගුමන් පැතම් වුවා
සිතුවිලි දොරේ ගැලුවා
ඔබ නම්.......
මාගේ නිල් අහස යට පැයු
ඉරබටු තරුවක් ද??......


Monday, August 23, 2010

මතු බුදුවේවා කියලා පතන අම්මලා තාත්තාලා මෙහෙමද???

 
කන්ද කැටිය ප්‍රදේශයේ ඉපදුන කවුරුත් දන්න වීරේ එහෙමත් නැත්තන් ඡනිත්ගේ දුක් බර කථාවට මදක් සවන්  දෙන්න.සන්වේදි මිනිස්සු විටක හරිම දරුණුයි. අපි හැමෝම මතු බුදුවෙන්න කියලා පතන අම්මයි තාත්තයි ඡනිත්ට කරලා තියෙන අපරාද...ම්..ම් පොඩ්ඩක් අහන්න..................................................
 
ඔහු ඉපදුනේ මේ ලොකයේ ඉහලින්ම පිළිගන්න මුතු මැණික් වලට සමාන කළ නොහැකි උතුම් අම්මා කෙනෙක්ගේ බඩෙයි.,එත්....එයා අද ඔහු ළග නැහැ.එයා මාව දලා ගිහින්.''එත් අම්මේ මං ඔයාට ආදරෙයි''. ඔහුගේ  හි‍ත කියන දෙයක්.ඇයගේ මුණ පොටො කැල්ලකින් මිසක් ,ඇත්තට මුණ දැකලා නැ.ඡිවිතයට හයිය දෙන්නේ අම්මයි තාත්තයි. නමුත් ඔහුගේ හයිවල් ඔහුට හයිය වෙන්න අද ලග නැහැ. ''කොහෙදෝ හැංගිලා ගිහින්.'' ඔහුට මේවැනි දේ සිහියට එන වට හඩනවා හම නිතරම.''මාගේ තාත්තාත් මාව දාලා ගිහින් දන්නවාද ඔහුගේ මුණ මම පොටෝ කැල්ලක්න් වත් දැකලා නැහැ.''ඡිවිතය පිටි පස්සෙන් ඉන්නවායි කියන තාත්තාත් ඡනිත්ව තනිකරලා ගිහින් ඔහුට තවත් සහොදරියක්  සිටියා.එත් ඒ සහොදරිය මේ ප්‍රශ්න නිසා ඉවසා ගත නොහැකිව වස බිලා මැරිලා.ඇත්තටම මේවාගේ දුකක් නම්.....හ්ම්...කොහොම හිතේ තියාගෙන ඉන්නවා ඇතිද? ඡනිත් ගේ ඡිවිතයට එකම එලිය වුනේ අත්තම්මා.ඇය මේ පුංචි ඡනිත්ව පොඩි කාලේ ඉදලම ආදරයෙන් හදාවඩා ගත්තා.අම්මාගෙයි තාත්තා කෙනෙක්ට හිටියෙත් ආත්තම්මා විතරයි. මේ පුංචි ඡනිත් දැන්  ලොකුයි.රස්සාවකුත් කරනවා.එත් ඒයාගේ දුක්බර කතාවට තවත් දුකක් ඇතිවෙලා ඒ කියන්නේ එයාගේ එකම හයියට හිටපු එයාගේ ආත්තම්මට නයෙක් දෂ්ට කරලා එනිසා මේ ඡනිත්ට හරිම දුකෙන් ඡිවිතය ගෙවන්න වෙලා තියෙන්නේ.මොකද අත්තම්මාට බෙහෙත් ගන්න ලොකු වියදමක් යන නිසා.මේ ඡනිත් රස්සාවෙන් ගත්ත සල්ලි සේරම මේ බෙහෙත් වලට වියදම් කලා.මේ ආත්තම්මා ඡනිත්තට දක්වපු සෙනෙස දෙයියෝ දැකලද කොහෙදෝ දැං ආත්තම්මට හොදයි...මේ ඡනිත්ගේ ද එකම පැතුම ඉටුවෙලා..ඡනිත් වගේ දුක්බර ඡිවිතයක් ගෙවන්න කටවත් ලැබෙන්න එපා!! එක මාගේ විතරක් නොවේ ඔහුගේ ද පැතුමයි.
''මම ඡිවිතය දනියෙන් දැක්ක කෙනෙක්. එ ඡිවිතය හරිම අදුරුයි.නමුත් මම ආසයි
'ඡිවිතයට කොච්චර දුක ආවත් මාගේ ආත්තම්මා මාව හොදින් බලා ගත්තා.එ නිසා මාගේ ආත්තම්මාට මම පණවුණත් දෙන්න ලැස්තියි''ඡනිත් මෙහෙම තමයි කිව්වේ........................................

කදුල සහ කවිය

කදුලක් වෙලාවත්
 රැදියන් නුඔ
නෙත් අද්දර
ඇයදුවා මා නු‍ඹෙන්
නමුත්..ගිලිහුණා ඔබ මට..
කදුළක් වගේමය
හීතල පමණක්...
කවියක් වේවි
නේක පදරුත් මවන
හිතුවා මම තනියම.....
වැරදුනි මට....
එළිවැට අවුල් උන
ගළපන්න ගිහින් නුඹ
ආත්මයම වියවුල් උන
කදුළු කවියක් පමණි නුඹ
පද ඉහිරුනු............

නොදනි..........

ආදරයේ පණ නල
ඡිවිතය එහි ඡිවය
කියු ඔබ.......
අරුමක් වුන් අයට
මටත් දැන් එලෙස වුනි
  හිත කීරි ගස්සන ඔය ඇස්
අද මට මෙහෙම කලේ මන්ද
නොදනි..........    

Sunday, August 22, 2010

ආදරයට ඇයි මෙහෙම වුනේ...

ලියු ආදරය
ඡිවිතයට දුන්නු ප්‍රේමය
සදා නොමැකෙන මතක අහුරක
ගිලි සිටියේ.....
වැල්ලේ මත දිවගිය
ආදරය සොය සොයා...
ඒ ආදරය දැන් වැල්ලේ ලියුවක් වුවා....

අරුන්දති මෙහෙට එන්න............

අරුන්දති සද කුමරිය 
මෙහෙට එන්න..මෙහෙට එන්න..
විශාඛයේ දොර අරින්න
මෙහෙට එන්න
පවනැල්ලක සිසිල ඔවා
ආදරය දැන් විසල් වෙලා
සුසුම් අතර දගකරන්න
මෙහෙට එන්න...මෙහෙට එන්න
පිනි වැස්සේ පිනි පොදවැල් 
දසත හමා කෙමින් වැටි..
අනෝ වැහිපොද නොව
තෙමි යන්න..මෙහෙට එන්න..
  විසිරගියත් ආදර දිය
එකතු කිරමු එකතු වෙලා
විශාකයේ දොරෙන් එහා ලොවට
හනික යන්න... මෙහෙට එන්න....
පියමනින් අපේ ලොවට
..............මෙහෙට එන්න...............


Wednesday, August 18, 2010

මොනා ද හිතෙන්නේ මේ ගැන......


පොඩ්ඩක් මේ කතාවත් අහන්නකො.හැමදාම අපි හිතලා තීරණ ගන්නවා නේ එත් නොහිතා තිරණ ගන්න බැරි ද අපිට.ම්... මං හිතන්නේ එකටත් හිතලා උත්තරයක් ගන්න වෙයි වගෙ.ඇත්තටම එහෙම තිරණ ගන්න පුළුවන් හැබැයි ඒවා ගගට කපන ඉනි වගේ නේද. ඇත්තටම කියන්න පොඩි කතාවක් තියනවා. මේක ගොඩක් ගැලපෙන්නේ නොහිතා වැඩ කරන කට්ටියට තමයි. අපේ ගමේ ඉන්නවා එක මාමා කෙනෙක් ඒ මාමා ගේ වැඩේ අතට කියක් හරි හම්බුණ ගමන් ගිනි වතුර ටිකක් වක්කරගෙන ඇවිත් ගමටම ඇහැන්න කැහන එක.(මොනවද මේ ගිනි වතුර:- අරක්කු දන්නනවානේ) මේ මනුස්සයා තරම් බැනුම් අහන කෙනෙක් වෙන කොහෙවත් ඉන්නව ද කියලා වේලාවකට මට හිතෙනවා.ඒ තරමට බැනුම් අහනවා. ඒ විතරක් ඇයි..මේ යකා ගුටිත් කලා තමයි කට වහගන්නේ.හැබැයි මේ කට වහන්න එත් ලේසි නැ.කියන්නේ හොද වචනනම් කමක් නෑ.(කුනුහරපණ දොඩන්නේ) .මේ මාමාට සහෝදර සහොදරියෝ ඉන්නවා 8 දෙනෙක්.හැබැයි මේ සහොදරයාව පවුලෙන් කොන් කරලා වගේ තමයි ඉන්නේ.මේ මාමා බැදලා ළමයි දෙනෙක්ම ඉන්නවා.මේයාගේ  නොනා මේ දෙවල් හින්දා රට ගියා.අන්තිමේදි මේ ළමයි දෙන්නා තනි වුණා. නමුත් මේ මාමාවන් කොහොමත් හදන්න බැරි වුණා.නමුත් ළමයිට නම් ආදරය දක්වනවා.හැබැයි වැඩක් නැ මේ මාමාගේ වැඩ නිසා එ ළමයි දෙන්නත් කොන් වෙලා වගේ ඉන්නේ. ඇත්තටම කිසිම විදිහකින් හිතලා බලලා වැඩ කරන්නේ නැති වුණාම මේහෙම දෙවල් ගොඩක් සිද්දද වෙන්න පුළුවන් නේද?????....................

මග වැරදුනි......



                                                               හීන් මන්දාරම් වැහි පිනි
එක දෙක පොළවට වැටෙයි
පපු කෙමීය ගැස්සෙයි
ලබ් ඩබ් හඩ වැටෙයි
අනන්තය මග පාර පෙනෙයි
නමුදු මග දුරයි
කෙසේ පාරේ පියමනින්නද
ඔබ නැති ලොවේ
කිමක් කරන්නද දෛවයේ සරදමට පිටින්
මා දිව ගියා ඒ මාවතේ..
ඔබ සිටිනවා දැයි නෙත් යොමා වට විපරම් කළා
නමුදු ඔබ නොදුවේය...
මොනාකරන්නද මටම නොතේරෙයි
දුකින් මිරිකි සිටියි මං....
  ඔබ නැති ලොවේ මා මක් කරන්නද?..
..........$$රත්තරනේ$$....

ඇය..........

පියුම් අතරින් ගලනා දිය
සුසුම් අතරින් හෙලනා ඉම
දොරේ ගලනා ආදරය
ඇයට දැනේ දෝ.............

ඡිවිතයට එකවරක් ආදරය ලබා
ඒ දෙසම නෙත පිනවා
බලා සිටි ආදරය
ඇයට හැගේ දෝ................

ඇ දෙස නෙතු නොපියා බලා සිටියා
රැ දහවල් නොබලා
නමුදු.......
මා ඇයට කල ආදරය
ඇයට ලැබේ දෝ............

මේ විසල් සුවිසල් ලොකයේ
මා වැනි අසරණයෙකුට
ඔබ වැනි සුරුපීයකින්  ආදරයක්
හිමි වේ දෝ................

ඡිවිතයට ආදරයක්...ආදරයට ඡිවයක්...
ලැබේ දෝ..ඇයගෙන්
ලැබේ දෝ.....................

Sunday, August 15, 2010

මතකයන් මා අත දා


                                                         හින් මන්දාරමේ බීරැවට මුවාවි
                                                         කිව්කතා තවම ඇසෙවි
පිනි බිංදු පොළවට පතිත වෙද්දි
සිතලට උණුසුමක් වුවා ඔබ
අහස දෙස බලා වුන්නු ඔබේ නෙත් යුග
එදා කල බොරුව මට සත්‍යයක්ම වී
ඔබ අතහැර ගියේ නැත
ඔබේ මතතකයක මා අත ගා ඇත
ලොවෙන් වෙන්න ගියද
මාගෙන් නොවි යනු ඇත




හදාගන්න හිත

වලාගැබයක සොදුරු මායිමක
නුඹේ රුව ඇදි දස අත
හිනාවක් වත් දෙනෙත් වත් ඔය
බලාගන්නට වරම් හමුනොවන
ඡිවිතයම කලකණ්නි වි
ඔබෙන් හිලි‍හු ආදරය නිසා
හදාගන්න හිත
මට උදව් කරන වාද මට.........

Friday, August 13, 2010

වරද කිමක්ද????

දුටු රුවන් ගැබ්
නොදුටු සියන් පත්
කෙමෙන් අවුලා
ගිය මල් පෙතක්
වැනිය දුකටත්
ඔබ මගෙන් සොරා ගත් ආදරය
මටනම්......................
විටකදි ලැබුණු ආදරය
පිපෙන්නට වත් අවසරය නොළද
අහීමි වුයේ අහම් බෙන්ම වගේය
මේසේ කරන්නට සිතුවේ ඇයි ඔබ
මාගෙන් වු වරද කිමක්ද????

Monday, August 9, 2010

අසරණ කම නිසා ඡිවිතයක් වියකි ගිය කතාවක්



ඡිවිතය තියෙන තාක්කල් සතුටින් ඉන්න තියනවා නම් කොච්චර දෙයක් ද.එත්.......මේ ගලායන ඡිවිතය නැමති ගංගාවට කෙතරම් නම් බාධක එනවාද කෙතරම් තාඩන පිඩන වලට මැදි වෙන්න වෙනවාද.ඕවාගේ වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ තනියම කොතනට හරි වෙලා ඉන්න එක තමයි.එක එච්චර හොද දෙයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.නමුත් පොඩ්ඩක් හිතලා බලන්න එකෙන් වෙන්නේ තවත් දුක වැඩි වෙන එක නෙමෙයිද ?ම්...ම්.. ඇත්තටම මම මෙහෙම කියන කොට කෙනෙකුට මේ දේ බොරුයි කියලා කියන්න බැරි කමක් නෑ.මොක ද තමන්ට වුණු දුකක් අනුන්ට දිලා ඒකෙනාවත් දුකට පත් කරන්නේ මොකට ද නේද...මේ මම කියන්න යන කතාවත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්.අපේ ගමේ ඉන්නවා එක අයියා කෙනෙක්.මේයාගේ ඡිවිතය හරියට අල කොළයට වතුර දානවා වගේ හරිම අස්ථිර ඡිවිතයක් තමයි ගෙවන්නේ.හැබැයි ඔයාලාගෙන් කාරුණිකව ඉල්ලන්නේ එයාගේ නම අහන්න එපා.මේ අයියාගේ තාත්තා බේබද්දෙක්.එහෙම කියන්න හොද නෑ නමුත් එ මාමාට ඒ දේවල් වලින් තොර ලොවක් නැති තරම්.මම කියන්න යන්නේ එ අහිංසක දුප්පත් කොල්ලගේ කතාව ගැනයි.මේ අහිංසකයාට ඉන්නේ නංගියෙක් විතරයි.නමුත් එයාගේ අවාසනාවට ද කොහෙද එ නංගි හරිම නැහැදිච්ච ගති තායෙන කෙනෙක් විය. නමුදු අයියා නම් එසේ නොවේ හොදගති ගුණ තියන කෙනෙක් තමයි ඔහු.ඔහුට අඩුවක් වි තිබුනේ ලස්සන පෙනුමකුයි ඉගෙන ගන්න නැති එක විතරයි.එත් මේ කොල්ලා ක්‍රිඩා වලදි එහෙම කැපිපෙන්න ඉන්නවා.ඡිවිතයට වටිනාම කියන වස්තුවකුත් මේ අතර දි ඔහුගෙන් වෙන්වෙනවා.ඒ තමයි ඔහුගේ මව.මව පියාගෙන් ලක්වන තාඩන පිඩන නිසා මව තිරණය කරනවා විදේශ ගත වෙන්න එ නිසා මව් සෙනෙහසත් පිය සෙනෙහසත් ඔහුට මෙයින් අහිමි වි අවසන්.මේ කොල්ල හරිම හොදයි.මොක ද ගමේ ඕනැම කෙනෙකුට උදව් කරන කෙනෙක්.ඉතිං මේ කොල්ලගේ ඉගෙන ගත්තේ එවෙනකුට11 වසරේ විභායක් අත ළග කියලා මේ කොල්ලටනම් කිසි ගනාක් තිබුනේ නෑ .ඉතිං මේ පාසල් යන අතරේ මේ කොල්ලා දකිනවා ලස්සන ගැනු ළමයෙක්.ඉතිං මේ කොල්ලට මේ ගැනු ළමයා ගැන හිතේ අදහසක් ඇතිවෙනවා.මේ කොල්ලා ඉතිං දවස් ගානක් පස්සෙන් ගියා.හැබැයි මේ ගැනු ලමයා දන්නේ නැ මේ ගැන.මේ කොල්ලා කොච්චර මේ කෙල්ලට පිස්සු වැටුණ ද කියතොත් තාත්තාගෙන්    සල්ලි ඇරගෙ අලුත් ඇදුම් ඇරගෙන full කිට ගහාලා තමයි යන්නේ. මේ විදිහට කරපු කොල්ල මේ දිගටම කරගෙන යන්න බැරි නිසා මේ කොල්ලා ගිහින් කෙල්ලගෙන් ඇහුවා කැමතිද කියලා එවිට කෙල්ල මේ,
''ඊයා තමුසේ වගේ කොල්ලෙක් එක්ක මම යාළුවෙන්න.තමුසේ හිතුවාද මම හිගන්නියෙක් කියලා යනවා යන්න මට වද නොදි'' එය ඇසුනු විට කොල්ලගේ නෙතින් වැටුනු කදුළු ප්‍රමානය ගැන කිව නොහැකියි.මේ ලොකේ හැම කෙනෙකුටම හිතක් පපුවක් තියනා ඒ කොල්ලට කරපු දේ හරි ද???...දන්නවා ද එකොල්ල අදටත් ඒ ගැන දුක් වෙනවා විතරක් නෙමෙයි එ කොල්ලා දැං තාත්තා වගේ වෙලා මෙයට වගකියන්න ඕනි කවුද?? පුළුවන්නම් උදව්වක් කරන්න..................................................

දැන් ඉන්න ඇත්තෝ