Thursday, November 1, 2012

නිහඩයි ඔබ

සුදු යහනක නිදා උන්නු නුඹ
හරිම ලස්සනයි....
නමුත් නුඹ හරිම නිහඩයි....
සැන්දෑවේ හිරු බැස යන්නෙ 
මයේ හිතට කිසිදාත් නොදැනුනු
පාළුවක් හගවමිනි.....
ඉතිං ඇයි ඔබ තවම නිහඩද
මා සිත ඉකි ගසයි.....

නුඹ යනවද...

ඔබ දුරයන්න සැරසිලා
මා තනි වෙන්න
සිතුවට.....
නුඹ නැති තනිකම...
මට දරගන්න
හැකිවේද.....

Tuesday, May 31, 2011

විකාර......





   මාගේ ආදරයට  ආදරය කළ අය
ආදරයට බය වෙලා
ආදරයට පිස්සු වැටුණ අය
ආදරයෙන් අනුධ වෙලා
 මේ දිහා බලන් ඉදපුමට
මේවා විකාරයක් ලො

මා තනියෙන්

හදවතින් මා ඔබ සොයන විට
ඔබ ගිහින් දුර ඈත
ඇස් දෙකෙන් නු‍ඹ දකින විට
ඔබ සැරසි සුදුවතගින්
මා සිතින් නුඔ දකින්නට
මා ඇසින් නු‍‍ඹේ සිනා දකින්නට
දවසක් එන තුරු තනිව 
සිටිම මම.......

Saturday, April 9, 2011

සදුගේ පැතුම.....

හිරු සොයයි හැමවිටම
එත් හිරු ඉන්නවා.....
සදු හඩයි හැමවිටම
හිරු නැතැයි සිතෙනවා.....
සිතිඡයක් ලංකරන්න බැරි සේ
හිරු සදුට මුණ නොගැහැනවා.....
නමුත් සදු අහස් කොනට වී
හිරු එනතුරු බලා හිදිනවා.....

දැන් ඉන්න ඇත්තෝ