Wednesday, July 28, 2010

නොපැතු පැතුමක්.....

''තිලානි වගේ මිතුරෙක් ආය කොහෙන්වත් හොයාගන්නද?'මේසේ සිතුවත් කෙසේ හෝ ඇයට තිලානිගෙන් වෙන්විමට සිදුවේ''
                 ''සුසුමේ හැගුමත්
                   මිතුරේ හැගුමත්                                
                   නැත වරමක්
                   ඔබ සමග හිදින්නට වත්''මේසෙ පියුමිගේ සිතේ ඡනිත වුයේ එදා රාත්‍රියේ දිය.ඒ ඇයගේ මිතුරිය තිලානි තමන්සමග සිටින අවසන් තප්පර කිහිපය බැවිනි.ඒ ඇය මිලගට පැමණෙන ගවන් යනයෙන් මේ මිතුදම නැති වෙන නිසාය.

    ''තිලානි මේ තිරණය ගත්තේ......ම්හ්....ඒක දිග කතාවක්.මෙකට වගකියන්න ඕනි සමිර වෙන කවුරුවත් නෙමෙයි.''
සමීර හා තිලානි කියන්නේ ‍ප්‍රේම කුරුල්ලෙක් හා කිරිල්ලියක්.සිතුවිලි අතර දග කරමින කෙලිලොල් වයස පසුකරමින් සිටි මේ දෙදෙනම මෙහෙම දෙයක් වෙයි කියලා සිහිනෙන් පවා නොසිතන්නට ඇත.කිමද දෙදෙනා දෙදෙනාටම වෙන්නොවන බැදිමක් ඇති ‍දෙදෙනෙක් විය.
   ''ඔය තිරණය වෙනස් කරගන්න බැරිද තිලානි''
''මේච්චර ආදරයක් ,කාටවත් නෑ''(හඩමින්)
ඇයගේන් වැටෙන කදුළු වලට වගකියන්න සමිර කියා කදුළුද ඇයට සාක්ෂි දැරුවේය.පියුමිට දැඩි ආවේගක් හා දුකක් ඇතිවුයේ එනිසාය.පියුමි සැමවිටම උත්සහ දැරුවේ ඇයගෙන් සමිරගේ මතකය නැතිකර දැමිමටයි.නමුත් පියුමි අපොසත් විය.කිමද සමිර දලා ගියත් ඇය තාම ඔහුට  ආදරය කරන බැවින්ය.තිලානි මදක් අහස දෙස බලා සිටියදි අහසේ දිදුලන ලද තාරකාවක් විසින් සමිරගේ මතකය අවදි කලේ ය.
'''' එදා හරිම ලස්සන දවසක්.හිරු කලින්ම පායලා කුරුල්ලන්ගේ නාදයෙන් අපි දෙන්නාටMEETකිව්වා වගේ තමයි මට දැනුණෞ. සමිර මට එදා අපේ කැම්පස් එකේ තියන ලස්සනම තැන එතමයි 'අඹගස් වත්ත'එතන දි තමයි අපි දෙන්නා මුලින්ම හම්බ වුනේ.සමිර එදා මා හම්බවෙලා හිටියේ හරියට ගැනු ලමයෙක් වගේ පුදුම ලැඡ්ඡාවක් නේ තිබුනේ.ආ...මම එදා හරියටම 8.00 විතර අඹගස් වත්තට ආවා.හැබැයි එයාට එදා වැඩක් තිබුණ නිසා එන්න බැරිවුණා.මම එකට ගොඩක් දුක්වුණා.කොටින්ම මම රැට කැම කැවෙත් නැ .පසුවදා ඔහු ඇවිත්,''''
      ''  ආ....ඔයා ආවද?මං හිතුවේ එන්න අමතක වෙන්න ඇති කියලා.මොකද දැන් කුමාරි හාමි දොස්තර නොනා කෙනෙක් වෙන්න යන්නෙ''
   ''ඇයි ඔයාmedical college ආවේ කොන්දොස්තර කෙනෙක් වෙන්න ද?''
''මොකද  මේ කුමාරි හාමි කවදාවත් නැතිව තරහයින් වගේ''මොකද .....! මොකද තමයි ,මොනා ද වේලා තියෙන්නේ සමිර .ඔයා හරිම නරකයි.ඊයේ ඔයා මාව රස්තියාදු කෙරෙව්වා''
''අයියෝ ...!එකද මේ ඕක පොඩි Seenඑකක් නේ ගනන් ගන්න එපා පැටියො''
''ඔයානම් කියයි මට හරියට දුක හිතුනා. ඔයා හිතනවාද මට ඔයාව අමතක කරන්න පුලුවන් කියලා''
මං හිතන්නේ..........පුළුවන්(සිනා සෙමින් කියා දුවයි.)සමිරගේපිටුපස තිලානි දිව යයි.දෙදෙනා පුංචි ළමයි දෙනනෙක් අල්ලන් සෙල්ලම් කරසේ දිවගියේ ඉමහත් සතුටින් ය.
                 ඒ අතිත මතකය සමග තිලානි යලිත් අළුත් වුණා යැයි සිතිනි.නමුත් ඇයගේ දුකට එය ඇවිලෙන ගින්නට පිදුරු දාන්නාක් මෙන්ය.උනපු කදුලැලි එය පසක් කළාය.කෙසේවෙතත් තව පැය කින් හෝ දෙකකින් සමිරගේ මතකයෙන් ඇත්වි ඕස්ට්‍රේලියාව බලා පිටත් වේ.නමුත් ඇයට මේ මතකය සදාකාලීක වි අවසන්.
'' තිලානි,අහපං බං .උඹ ඕස්ට්‍රේලියා ගියා කියලා සමිරව හම්බ වෙන්න නැනේ ඉතිං ඒහින්දා...හිටපං''මොනවා ''උනත් මම යනවා බං මම මෙහෙහිටියොත් පපුව පැලිලා මං මැරෙයි...''(ඉකි ගසා හඩයි.)
     සමිර කියන නාමය තිලානගේ හදවතේ දොරගුලු ඇර අවසන් එනිසා සැමද එය සිහිවටනයකි.සමිර ඇයව දමා ගියේ ඇයි?  තිලානිටත් තියෙන එකම ගැටලුව මෙයයි.තිලානිගේ හිත සමිරගේ අවසන් හමුවු දිනය සිහිවෙයි.එදා හරිම අදුරු දවක්.වැහි වළාවන්ගෙන් මුළු පෙදෙසම වෙලා සිටියේය.
'' සමිර ඔයා මට එන්න කිව්වෙ... මොකක් හරි හදිස්සියක්ද?''
''ඇත්තටම....ඔයා මේක මගෙ කටෙන් පිටවුණාම ඔයා මගෙන් මොනාවත් අහන්න එපා''
''දුක හිතෙන දෙයක් නම් නොකියා ඉන්න.අපි වෙන දෙයක් ගැන කතා කරමු.''
''නෑ තිලානි,මෙක පොඩ්ඩක් අහගන්න හොදින් මට හැමදේට ම හිටියේ ඔයා.එත් මට මගේ හැම දේම නැතිවුණා.කොටින්ම මට මගේ කියලා කවුරුත් හිටියේ නැහැ.අම්මත් මාව දාලා ගියා.ඔක්කොම මාව දාලා ගියා''(හඩමින්)
              ''එත් සමිර, මං ඔයාට ඉන්න වනේ''
''වැඩක් තිලානි ඔයාව මට කවදාවත් හම්බ වෙන්නැ,ඒනිසා අපි සම්බන්දේ අත් හරිමු.''මොනවද සමිර කියන්නෙ මේ සම්බන්දේ නතර කරන්න එයා මේ...........''(හඩමින්)
''දැන් හොදටම ඇති,මට මාවවත් හිමි නැති එකේ ඔයාව .නැ තිලානි...ඔයා යන්න ඔයාට හොද කෙනෙක් ලැබෙවි'' (කදුළු වැටේ)
                              මේය ඇසු තිලානි හඩමින් දිව ගියාය.ඇයට කිරිමට කිසිවක් නොතිබුණි.හැඩු රුව නිසා ඇය මලානික වු පිස්සියක් බව ඇතට පේනිය.ගසක් මුල හිද හඩමින් එම හොරාව ගත කලේ මහත් වේදනා වෙන්ය.සියත් දහසක් බලාපොරොත්තු මැද්දේ සිටි තිලානි සමිර ගැන සිතමින් දින ගතකලේ නිරාහාරවය.
  සමිර එවන විටත් තිලානි ගෙන් පමණක් නොව සියලු දෙනාගෙන්ම  සමුගෙන ය.සමිරගේ හෘදයේ ඇතිවි තිබු අබාධය නිසා ඡිවත් විය නොහැකි බව ඔහු දැන සිටියේ ය. මේ නිසා තාලානිගේ ආදරයට තිත තිබුණි. තිලානි මේ කිසිවක් නොදනි නමුත් ඇය තවම ආදරය බලාපොරොත්වෙන් සමිර එවි කියා.ඇය එදින පැමිනි ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවට ගියේය.

ආ ද ර ය . . . .

ආදරය පවනෙ රැව් දේ
ඡිවිතයට සුසුමෙන් රැදුනේ
ඔබගේ රුව මා හද ඇදුනේ
නෙතගින් ඔබ එය මට පිදුනේ

ආදරයෙන් මත් විලා ඔබ උන්නා
ඒ ආදරේ හිමිකරුවා මම වෙන්නා
ඡිවිතයෙන් අපි දෙන්නා එක් වන්නා
සොදුරු සිතුවම් මහා හද ඇතිවන්න............

Saturday, July 24, 2010

ඔය රුව

  කතා බහක් නැති
සිනහා පොදක් නැති
ඔය රුව දැන් මලානිකයි
දෙනෙත් යුගල් දැන්
අඹරට දිගුකර
බැල්මක් හෙලන්න මා දෙස බලා
නෙතගේ ඇදි රුව
හරිම සුන්දරයි..............
හරිම පිවිතුරැයි...............
කියන්න ඔය හිතෙ ඇති
සියලු සිතුවිලි......

සත්හට දුකට බෙහෙතක්???









මේ ලොකයේ වෙන හැම දෙයක්ම වෙන්නේ දුකක්.මම එහෙම කියන්නේ අපිට මොන දෙයක් කරන්න ගියත් ඒවැඩෙට දුක කියන දේ හරස් වෙන නිසා.මේ කියන්නේ මාගේ අද්දැකිමක් අනුවයි.මොකද මම දුක කියන ඒක හොදට විදලා තියෙන නිසා.මේ ලොකේට ආපු හැමොටම දුක කියන එක උරුමක්.ඇත්තටම අපි හැමොගේම ප්‍රාර්තනාව තමයි'' සතුටින් කල් ගෙවන්න තිබුන නම් '' යන එකායන ප්‍රාර්තනාව. ඇත්තටම    මටනම් ......ඔය ප්‍රාර්තනාව කරලා එපා වේලා තියෙන්නේ. ඔයාල අහයි මගෙන් ඒ මොකක් ද කියලා. මොකද මගෙ එ ප්‍රර්තානා සියල්ලම ගගට කපන වුනි නිසා. හැබැයි මම එ දෙවල් කවදත් බලෙන් ලබා ගන්න ගිහිල්ලත් නෑ.මම ඔයාලට කියන්නම් මට හිතුන එක එක ගැන
                      ''මම මුලින්ම ලොකය දිහා බැලුවේ අමුතු විදිහකට .ඒකියන්නෙ මම හිතුවේ මේ ලොකේ ඉන්න ඔක්කොම සිංහල කියලා,එ වගේම ලොකේ කියන්නේ ලංකාව විතරයි කියලා. ඒ මම පුංචි කාලේ හිතපු විදිහයි. ඇත්තටම මට නම් ලොකේ කියන දේ ගැන හිතේන් ''ලොකය විෂමා කාරයි,ඒකේ ඉන්න අය පදුම ගෝලාකාරයි කියලා''. ඇත්තටම එකේ වැරැද්දක් තියනව ද කියලා ඔයාලට හිතෙනවද?..ම්...ම්.....සමහරවිට වැරදි වෙන්න ඇති නේද.කොහොම උනත් මේ ලොකය ගැන විවිධ අදහස් පල කලේ අද ඊයේ නෙමෙයි නේ......එදා හිටපු අය වගේ ලොකය නිර්වචන කරන්න ගියොත් මටත් වෙන්නෙ ''ඇරිස් ටොටල්''වැනි අයට සිද්ද වුනු දෙයි.මම කියන්න උත්සහ කරන්න හදන්නේ මේ අපිව දුකට පත් කරන දුක නැතිකරගන්නයි.ඔයාලටත් ඒවගේ ක්‍රමයක් හම්බ වුණාද???...............

Wednesday, July 21, 2010

සිහිනයෙන් පැයු සිතුවිල්ල



සුසුම් හැගුමක
පාවීගිය මා සිත
ඇදුනේ ඔය දෙනෙතට
අහඹුවක් වගේ.....
බැහැ ඉවතට ගන්නට
ඔය නෙත නොබලාම.....
මා දෙනෙත.......
එසුන්දර රුවට සම කෙනෙකු
මේහි නැත .......
එතරම් සුන්දරයි මා හට

පුංචි සිත් අඹරට
වදින සිත් ඉම
මහ මෙරක් වගේ
අරුමක් වී ඔබ
මගේ දිවියට

සුසිනිදු සද මඩළ
වටා දිළිහෙන තරු පොකුර
තරම් විස්මයක් ඔබ
මා හට...........




අනේ මන්දා

සිහිනයකට පෙම් කරලා
බැහැ  පියවියට එන්න
සිහිනයකින් මත්විලා
දිවියයි පාවිලා
සුසුම් වලින් දගකරලා
ප්‍රේමයටම වහා වැටිලා
සිහියෙන් ම පමණක් ඔබ
කළ ඒ ආදරේට...........
පියවියෙන් ඇවිත් ............
ඒ ආදරයම ..................
මුලා කළා..........
සිහිනය නම් .................
පිස්සුවක්ය.............

Sunday, July 18, 2010

වසන්ත සම.....




වස්සානියේ
ඇයුමක් මා කරන්නේ
ශිත අහසෙන් මිදි එන්නට
සුළගේ හසරැල් විදලා
ශිතයෙන් ගල් ගැසුණු
මගේ හිත හදන්න
මද පවනේ වෙලි එන්න
දැඩි ශිතයි මිරිකුණේ ඒකයි


සුර්ය කීරණ පතිත වන්නට
ඔබට යි මේ ඇරයුම්
වෘක්ෂ ලතාවෝ........
පල බර වී
තුරු වැල් හූ.........
දලු ලා වී
ගංගාවෝ පෙළට ගලාවී
ඔබ එන නිසාවෙන්....................


.කුඩුවක මා.............

කුඩුවට වී බලාසිටිමි මා

කව දා හෝ පලායන්නට
ලොකයේ මිහිර විදින්නට

ආසයි මාත් ඇත්තට
ඒත් මා..................
කුඩුවකට වී බලාසිටින්නමි...

ලස්සන තැන් වල
පියඹා යන්නට
ආසයි ඔබ වාගේ
ඒත් මා................

තටු නැති ගිරවෙකි...
බලා හිදි මා දුක් වීලා...........

Wednesday, July 14, 2010

අහන්නද


එදා මතකයේ
පුංචි කුමරියි අපේ ගමටම
පුංචි ගවුමට
මල් මාල පැළද ඔබ.....
රගන්නේය අප දෙනෙත් අභියස
උඩවැඩියා මල් පොකුරක් සේ
ඔබ පානා හසරැල්.........
පුන් පොදා පායන සද
වැනි සිනා නගන විට ...
ගලා යන ඔබේ කදුළු සේරම
පිසදමන්න ද
පෙර ලෙ සේ...........

avatar ගැන අලුත් දෙයක්

පුවත් පතකින් වටින දෙයක් හම්බුණාම මතක්වෙන්නෙ ඔයාලා නිසා තමයි මෙක ලිව්වෙ

දැනට ලොව වැඩිම අදායමක් උපයා ගත් ඡේමිස් කැමරන්ගේ ''avatar''චිත්‍රපටය පසුගියදා ඇමරිකාවේ ඇති උත්කර්ෂවත් අන්දමින් පැවති M.T.V.චිත්‍රපට සම්මාන උළලේ දී නිර්දේශයන්රැසකටම එක්විය.කෙසේ වෙතත්..... සම්මාන රැසක් සදහා

නිර්දේශ වුවද '' avatar '' චිත්‍රපටයට ඉන් දිනා ගැනිමට හැකියා ලැබුණේ සම්මාන ත්‍රිත්වයක් පමණක් විම බොහෝ දෙනාගේ විස්මයට කරුනක් විය. අවසානයේ දි පැවති හොදම චිත්‍රපටය තොරා ගැනිමේදි ඒ සදහා නිර්දේශයන් අතරට''avatar''චිත්‍රපටය එක් වු නමුත් එම සම්මානය දිනා ගනු ලැබුවේ පසු ගිය වසරේ දි තරමක සාර්තකත්වයට පත් වුණු'' The Twlight Saga:New moon''චිත්‍රපටයටයි. එමෙන්ම මෙම චිත්‍රපටය M.T.V. චිත්‍රපට සම්මාන උළළෙදි සම්මාන 8ක් දිනා ගන්නට සමත් විය.

ශිතයෙ කුමරියනි


වස්සානේ යි මුලා වී
ශිතයේ පෙම් බැදි කුමරියනි....
කියනු මැන,
කොතරම් දිගු ද කියා..
හදවතේ ගල් ගැසුනු මේ
ශීතය...........
සෙන්ඩලුවාවේ අට්ටික්කා
ගස යට
කැටි ගැසෙන මේ කදුලු
කෙතරම් උණුසුම්ද කියා........
කියන් ඔබ
වස්සානයේ හිනහෙන කුමරියනි..
සුබ පැතුම් අයදමි ඔබ වෙත
කිසි දිනෙක නිම් නොයෙන
මේ ශීතයේ සිට..........
ඔබට මෙන් ඔහුටද...

ඔබ මට නම්.......


විඩාවුන් රැයේ
පාවියන පුලුන්රොදක් සේ
ඔබ මට සුමුදු යි
ගලායන ගංගාවක් සේ
ඔබ හරිම සංකිර්ණයි
හමායන සුළගක් සේ
ඔබ හරිම ප්‍රචණ්ඩයි
කඩා හැලෙන වැස්සක් සේ
ඔබ මට සිසිලයි
කෙතරම් ඔබ ගැන කිව්වත්
නැත නිම නම්..............................

Sunday, July 11, 2010

සිතේ රු

සියක් දහසක් බලා සිටියත්
බැහැ මට කතා නෙකරන්නට
මොනාකිව්වත් අද ඔබ
එදා එසේ නැත ඔබ
හිතට දැනුනු ඒ පුංචි ආදරයත්
කියාදෙන්නේ නෑ.............
ඇත අහසේ කුරුල්ලන්සේ සිටි එදා
කපුටෝ අවිදින් වනකළා
අඩිය තිතියා දිව්ව සිහිනේ
පය ගසන්නටවත් අවසර නොදේ
සතුටෙන් සිටිය කාලයදැං නැතිවේලා..........................

කියන්න..............


කියන්නට කවියක්
හොදයි පද ගණනත්
එහෙත් එහි අරුතත්
යන්නේ පිටතත්
හිත එක්තැන් කරන්න හැදුවත්
බැරිවෙයි ඔය මුහුණ නැගුනොත්
අදින්නට සිතුවමක්
ආසයි ඇත්තට ඔබව බලා.....
නමුත් නැත අවසර බලනනටවත් ඔයරුව
මොනා කරන්නද දුකක් දැනෙනවා දැනෙනවා.....................

Wednesday, July 7, 2010

ගුරුමව්නි පියවරුණී


සිප් සතර ලැබ ගන්නට-පිය නෑගු මාවතේ
සැමදා ඔබ දිලෙයි පහන් තරුවක්ව
රටක් පෝෂිත වෙයි ඔබේ නැණ නුවණින්
කුරිරු වු ලෝකයේ.........
නිර්මල දරුවන් බිහි කිරිමට ඔබ දරන වෙහෙස
කෙසේ නම් කියන්ද............
අධ්‍යාපන ගමන් මගේ-කැඩපත වන
සරසවිය වෙත පියමන් කරන්නං
නිබදව ලැබදෙන දැනුම-සාගරය මෙන් ගැඹුරුය
අරුණෝදයේ පුංචි මල් කැකුලක්
දිගන්තයටම සුවද විහිදවා
විකසිත වුයේ අනාදිමත් කාලයක සිටය
නමුත් ලෝකයාට බරක් නොවී
වහල් කම් නොකට
ගොඩනගමු දේශයක්
හඩ නගමු පාඨයක්
මෙය ඔබට තුතියක්................

සියලුම ගුරුමැණි හා පියවරුන්ට උපහාරයක්ම වේවා..................................

Sunday, July 4, 2010

අහිමි වු ආදරය






ආදරය සොයා යයි මං මුලාවි
කටු ඇති රෝස මලක් රැගෙන
කටු විසයි නමුත් මල සිනිදුයි
හරිම ලස්සනයි.............
හැබැයි මාගේ ආදරේ.........................
කැළේ පිපෙන මලක් බදුය
කාටවත් නොහැගේ,නොදනි
අවංක ආදරක් කේසේ තිබෙන්නද
කරුණාවට,දායාවට ආදරය
මට නොහැගේ
එත් මම අද.....................
ආදරය හිතේ දාරාගෙන
රඡ ගෙදර බටයකු සේ
අනෙකාගේ අණට යටත්ව
අනෙකාගේ සතුටට ඉඩ දෙමි
මාගේ ආදරය....................
පරදුවට තබා
නමුත් මා ඔබට ආදරේයි............
අහසින් වැටෙන දිය පොදක්වත් තරම්
නොවටින්නට මගෙන් ඔබට වරදක් වුද

Saturday, July 3, 2010

උරුමය

අලෝකයට යැයි රැවටී
ඝන අදුරට පෙම් කලාට
රෝස මල් පොකුරක්
යැයි රැවටි.....................
කිඩාරම් මල් සිපගත්තට
එ මලේ පැහැය ඔබට ලැබෙවි
යැයි මලට රැවටි........................
ලස්සන දේ ලං කරගත්තට
නැත එය අප බලාගන්නේ
ඇයි ඔබ මුලාවී...................
කටු අත්තක් තුරුලු කරං
මොනවාද ඔබ කියාවී............
ඔබ ඇයි අයදින්නේ
මා ඔබේ කියා................
නැත කවුරුත් උරුම කරං
කදුල තමයි මට උරුමේ................

ඡිවිතයට යමක්


කෙන්තිය

කෙන්තියෙන් යුතුව කටයුතු කරන්නා හැමවිටම සිතන්නේ තමන් නිවැරදි බවත් අනෙකා වැරදි බවත්ය.මෙ‍ම මතය වෙනස් කර ගැනිමට කටයුතු කරන්න.ආවේගයකින් යුතුව තවත් කෙනෙකුට රිදව්වා නම් යථා තත්වයට පැමිණ පසු, කලක් ගතවු පසු හෝ ඔහුගේ හෝ ඇයගේන් සමාව ඇයැද සිටින්න. එය ඔබට මදිකමක් යැයි නොසිතන්න. මන්ද මිනිසුන්ට ඔබ නිසා සිත් රිදිමක් වෙන්න පුලුවන්,නමුත් ඔබ පිළිබදව ඔවුන් සිතා සිටි හොද ගැන වචන කිහිපයක් නිසා ඔබගේ ආත්ම ගෞරවයටත් හානි විමට නොහැකියාවක් නැත. ඒ නිසා ඔවුන් ඔබ ගැන සැමවිටම සෘණාත්මකව සිතන්නට පෙලබෙයි. එවැනි දෙයක් සිදුවන්න‍ට හේතුව ඔබ අතින් සිදුවු වැරැද්දෙන් පසුතැවිල්ලට පත් වීමෙනි.මෙම කෙන්තිය නිසා අනෙකාට වගේම තමාටත් භයානක ප්‍රතිඵල අත්විය හැක.එනම් ඔබගේ රුධිරය පිරිසිදු වනවා වෙනුවට දිනෙන් දින රුධිරය අපිරිසිදු වේවි. තවද ඔබ විරූපී වේවි.
''බල්ලෙක් ඔබේ පය සපාකැවාට ඔබ කවදාවත් උගේ පය නොසපයි''
ඉතින් මොකද අනවශ්‍ය තරහා දෙවරක් සිතන්න.




i.t.r.

නිකමට වගෙ


සංසාරේ පාර දිගේ
මා යනවා නිකං වගේ
මේහි ඇති බාධක..............

මිනිසා නිර්මාණයක් ද නිපයුමක්ද
එතැතන ඇත්තේ ගැටලුවක් ද
මේ බාධක ඡයගත්තොත් නම්
දිනුම් කණුව ලං වේනවා

දැන් ඉන්න ඇත්තෝ