Monday, August 9, 2010

බැස ගියා මළහිරු

රන් පාට මළහිරැගේ
කිරණ හිමිහිට පතිත වන යාමේ
ගස්වලට මුවා වේමින්
කදන් මත එති එති
රහස් කියු කාලය
මතක ද අයියේ
කියන් නුඹ හිමිහිට
ඔය දෑස වසාගෙන
දුර පේන නිල්ල පාමුල
වගුරු වන පෙතේ සැගවුණ
ලොවට රහසේ මැලවුණ
පින්න මල් පොකුර නුඹමය

එදා කළ ඇයරයුම
දුකක් නිසා මට නැතිවුණ
බවද තාමත් සිහිවන
සදා මකයි අයියේ
කල වරද හදාගන්නට
තාමත් ළතවන මම
මාගෙන් වුණු වරදට නුඹ ගෙවු වන්දිය
හරිම දුකකි අයියේ
ඒ බව මට දැන් වැටහෙයි හිමිහිට

මේ හිරැ බැස යන්නට පෙර
නැගිට ඇවිත් මා සුරතට
එදා වුන් මතකය
අවදි කරමු අපි හිමිහිට
අවිද ගොස් අනන්තයට
සතුටින් සිටිමු සැම දින
එත් ඔබ අද.................................

Sunday, August 8, 2010

පිහාටු අග

පතිත වනමේ පෙද සිනිදුව
දවටන විට ඇග කෙමියක
කිතිකැවෙයි කෙමින් කෙම
පතිත වන්නට පෙර එය
රැගෙන යයි ඇතට
සුළගක් ඇවිත් හිමිහිට
පාවියන වලාවක් සේ
සියුමැලු සුසිනිදු පෙදේ
විඩාව සිටින මාගේ හදේ
කිතිකවපන් හිමිහිටේ

Saturday, August 7, 2010

ඡිවාතයක් වියකෙන්නට පෙර ඔබට වරමක්

මම ඔයාලට කියන්න යන්නෙ වෙනස් දෙයක් වෙන්නත් පුළුවන් නමුත් කෙනෙකුට මේක එහෙම නොවෙන්න පුළුවන් මේ දේ සත්‍ය නමුත් මේ ලියන දේ ගැන දෙවක් හිතන්න වෙනවා.මොකද මේක අපේ සමාඡයේ තියෙන දේයක්.දුකක් හිතුනාම අපි අඩනවා නැත්තන් තනියෙම පැත්තකට ගිහිල්ලා ඉන්නවා.හැබැයි සමහරු තවකෙනෙකුට කියලා ඒ දුක නැති කරගන්නවා.මොනා වුණත් දුකක් සතුටක් වගේ එකසේ බාර ගන්න ඇත්තටම අපිට හයියක් නැ.ලොකයාට මොනා කිව්වත් අපිට හිතට හරි අමුතු හැගිම් දෙකක් හිතට දැනෙනවා ඒගැන.කවුරුත් ආසයි මේ ලොකේ තමන් කැමති විදිහට හැම දෙයක් ම වෙනවානම් ඉතිං.......එහෙම වෙන්නේ නැති එක තමයි ඔක්කොටම දුක.මම කියන්න යන්නේ මගේ ඇස්දෙක ඉස්සරහා වෙච්ච කතාවක් හැබැයි මේක දාන්නේ කවුරුහරි මෙකෙන් කුමන හෝ උපදෙසක් ගනිවි යන්න අදහස ඇතිවයි.මෙක සිද්දවෙලා වැඩි කාලයක් නැ. මට මතකයි අදට සතියයි.එකේ ප්‍රතිඵල ගැන තමයි මම කියන්න යන්නේ.ඇත්තටම මම ඔයාලට මොකක්ද වුනේ කියලා කිව්නැනේ...''මීට හරියටම අවුරුද්දකට කලින් එක පිරිමි ලමයෙක් ලස්සන ගැනු ලමයෙකු ගැන හිතේ අදහසක් ඇතිවුණා ව .හැබැයි මේ අදහස ඇතිවෙන්න හේතුව තමයි මේ කොල්ලට ළමයි සේරම වාගේ  එ ගැනු ළමයාගේ නම කියලා විහිළු කරපු එක.තව දෙයක් මේ පිරිමි ළමයට ලස්සන නමක් තියනවා නමුත් නමකියන එක එච්චර හොදනැ මොකද මේක ඇත්තටම වුණ දෙයක් නිසා එහෙම කියන එක හොදනැ කමන්නැ නේද? මම හිතනවා අමනාපයක් නැතුව ඇති කියලා ඔයාලා හිතාගන්න එයාගේ නම(k) කියලා ඒ ගැනු ළමයාගේ නම(L)කියලා කමන් නෑනේ?/..හරි ඉතිං මේ දෙන්නම එකවගේ තමයි මොකද ඉගෙන ගන්න හරිම දක්ෂ දෙන්නෙක් පන්තියේ හැම වාරයේම 1නැත්තන්2 තමයි මේ දෙන්නම ගන්නේ kඉන්නේ වෙනපංතියකLවෙන පන්තියක ඉතිං මේ දෙන්නාටම හොද ගතිගුණ තියෙන දෙන්නෙක් හින්දා  ගුරුවරු මේ දෙන්නවම ශිෂ්‍ය නායකයන් අතරට පත්කර තිබුණා. නමුත් මේ දෙන්නාම හිතින් පමණක් ආදරය කරා මේ ආදරය  හරිම ලස්සන දෙයක් වුනේ ඒ හින්දාම තමයි.පාසල් ව‍යසේදි ඔහොම සම්බන්ද කම් තියාගන්න එපා,මොකද මේක කිව්වා පස්සේ හිතෙයි ඒ ගැන.මේක ලියන කොටත් මමදුකෙන් තමයි ලියන්නේ ඒකට හේතවක් තියනවා එක නම්........ ඇත්තටම මේ kයාළුවෙක් මේ සම්බන්ද කම ඇතිකරගන්න ගොඩක් උදව් කරා නමුත් k තිබ්බා ගැනු ලමයි එක්ක කතා කරන්න පොඩි ලැඡ්චාවක් මේ නිසා ඔහුට මේක ලොකු පාඩුවක් වුණා.මේ L හරිම හොද වුණත් ඇත්තටම ඇය හරිම ඡරාවැඩක් තමයි කරලා තියෙන්නේ එක අතකට මොකද ඇය k විතරක් නෙමෙයි හැමොටම පෙන්න ලොකු රගපැමක් කරලා තියෙනවා.ඡිවිතයේ පළමු වතාවට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලාkට Lගෙන් ලැබුණ පාඩම ඉතා අමනුෂියයි මටනම් හිතෙන්නේ.බලාපොරොත්තු ඇතිවන විදිහට හැසිරිච්ච ඇය හුදෙක්ම K ගේ හැගිම් සිතුවිලි ප්‍රබොදමත් කරන්නට විය.ඒ නිසා KටLගෙන් තොර ලොවක් නැති තරම් විය.පොඩ්ඩක් හිතන්න ඇය මෙතරම් ඔහුගේ සිත ඇදගන්න ඇතිද හැසිරිමෙන් මේ දෙදෙනා එක වචනයක් වත් කතා කරලාත් නැහැ .නමුත්Kගේ සිත Lවිසින් අරතරම් දුරගෙන ගොස් අවසන් පසුව Kට මෙය තවත් හංගාගෙන සිටිය නොහැකි  නිසා ඇයට මේ ගැන කිව්වා එවිට ඇය කිවේ සිනාමුසු මුහුණින්''මට දැන්මම බෑ,මොකද මේ ඉගෙන ගන්නකාලේ'' කියාය.නමුත් Kට ඇයව නැති කරගැනිමට බැරිනිසා ඇය‍ට කරදරයක් නොවන සේ දුරින් හිද ඇයට පෙම් බදින්නට විය . නමුත් ඇය ඊට මාසකට පමණ පසු වෙනත් කොල්ලෙකු කැමැත්ත දි අවසන්.මේය දැන ගත් K අරුමයක් විය. කිමද මේ වයසේ දි කිසිම කෙනෙකු සමග සම්බන්දයක් ඇතිකරනොගන්වා කියු ඇය Kසිත හතරට පහට කඩා කිසිම හැගුමකින් තොරව වෙන කෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කලාය.මේ නිසාK දැඩි කම්පනයක්ට පත්වි දුක ඉවසා ගතනොහැකිව ඡිවිතට ලගට නොගත් දේ භාවිතා කරමින් දුක තුනි කරගනිමින් සිටි.'' ඇත්තටම ඔහුට ගොඩක් දේවල් කිව්වා පිස්සු වැඩ කරන්න එපායි කියලා .නමුත් දුක නිසා ඔහු නස්ති වෙන්න යන්නේ??/  මේ කතාව කෙනෙකුකට ‍විහිළුවක් වෙන්න ඇති ඇත්තට ගොඩක් අද්දැකිම් තියෙන පිරිසක් හැටියට  (බලාසිටිමි)
මෙක කියවාලා මේකට උත්තරයක් දෙන්න...............

රිදවා ගියා...


පැතුවා මා හසරැල් අහස උස
ගැලුවා දොර ආදරයේ සුසුම් විස
පැතුවා පැතුම් මහ මේර තරම් උස
බිදුනා ඒ හැම දේම එක එකින් එක
දුටුවා සිහින පොදි බැදගෙන නිදි යහන් තුළ
විහගය මතින් පෙම් කරලිය මතින් වැද
පෙම්බස් දොඩයි ගිරවකු මෙන් හැම මොහොතකම

ලොකය විෂ‍ම බව නොදැනගෙන ගිය දුරක
මං මුලාවක් වුණි එක මොහොතකුත් ගෙන
පෙම් කරලියේ වැද සිටි අයක හට
දුකකිනන් ඇතිවුණ එක ආදරයක තැන
නික්ම වන්නට වුණි වුහට තිතින් තිත
හැඩුනා කදුළු අනොරා මෙන් ඔහුට
ඔහොම තමයි ආදරයේ මුලාවක

Wednesday, August 4, 2010

o/l ලොක්කනේ

                      සිහිලැල් නදියේ
                       නිසද විල් තෙරේ
                       පිපෙන්නට අවසරේ
                       හදින් ගිලි හුනේ
                      ඡිවිතයට මාගේ සිතුවිලි ඇති වුනේ
                     තක්සලාවකගේ මියුරු ගි ඇසුනේ

දැන් ඉන්න ඇත්තෝ