Saturday, January 8, 2011

දැගිලි

happy new year!!!!!!!!


HAPPY NEW YEAR for my blog friend!!!!!!!!!!
years is gone....
day by day gone....
time is gone....
we have new things new hope new year
so,good time this you have...

Friday, December 24, 2010

හිතන්න ඉන්න හැමෝම එක වාගේද??




ඡිවිතයට යාළුවෙක් ඉන්න එක ගොඩක් හයියක් වෙන්න පුළුවන් නේද..අපි වගේම හිතන පතන කෙනෙක් නම් වඩාත් හොදයි.නමුත් අපි අශ්‍රය කළ යුතු කෙ‍නා කවුද කියා දැනගන්න ඕනි.අපි හොද යාළුවෝ කියලා හිතන හැමෝම අපිට කරන්න හදන්නේ නරකක්මයි.අපි ඕනවට වඩා කාවවත් විස්වාස කරන්නේ නැත්තම් අපිට බොහෝදුරට ඒ ඒ කෙනාගේ සිතුම් පැතුම් ගැන දැනගන්න පුළුවන් වේවි.අපි වටේ ඉන්න හැමෝම වාගේ අපේ හතුරෝ නොවෙන්නත් පුළුවන් මිතුරෝ නොවෙන්නත් පුළුවන් එහෙනන් එයාලා කවුද???????
 සයුරේ රළ සේ....
ගසකට මල සේ...
අහසට හිරුසේ....
මිතුදම් පවතියි ලොව සැමදා 
හැමෝම මෙහෙම කියගෙන අපේ ඡිවිතවලට ඇතුල්වුනත් ඒ අය අපෙන් ප්‍රයෝඡන අරගෙන අපිටම වල කපන අවස්ථා ද මේ සමාඡයේ සිදු වී තිබෙනවා දැක ඇත.අපේ භාෂාවෙන් කිව්වොත් ''අපෙන්ම කළා අපිටම කෙලවන අය''.මෙහෙම අය ගැනත් ඇත්තටම ගොඩනැගුන මිතුරන් අතරත් වෙනස මොකක් ද?...මිතරෙක් හා හතුරෙක් අතර පවතින්නේ පොඩි වෙනසයි.එය හදුනාගැනිමට ඉතා පහසුයි.එත් මිතුරු වෙස්ගත් හතුරන් සොයා ගැනිමට බොහොම අමාරුයි.මිතුරෙක් හැමමොහොතකම තම මිතුරාගැන හිතයි.ඔහුට යහපතක් කිරිමට.ඔවුන් අපිව ගොඩක් සතුටින් තියන්න උත්සහා කරනවා.නමුත් මොනා වුනත් මිතුරන් කියන අය අපේ දුකෙදි මෙන්ම සතුටේදි අපි ලගින් ඉන්නවා.හදවතේ තියන දේවල් අපි එක එක අමුණ අමුණා කියලා හිත නිදහස් කරගන්න තියෙන එකම තැන පන්සල වුණාට බොහෝ අය තමන්ගේ හොදම කියලා හිතෙන යාළුවාට කියලා සතුටින් දුක සැප බෙදා ගන්නවා.


මේ කියන්න යන කථාවත් සමහර විට එහෙම වෙන්න පුළුවන් මොකද..... පුංචි කාලයේ සිටම යාළුවෝ එක්ක ඉන්න කැමති වුණාට එතරම් යාළුවන් සමග
සම්බන්ධතාවක් දැක්විමට මේ පොඩි හිතට හිතුනේ නැහැ.බොහොවේලාවට මොහු හිටියේ තනියෙන් එත් යළුවොත් එක්ක ඉන්න කොට පණට පණ වාගේ.....මේයාගේ චරිතය ඇත්තටම අමුතුයි වගේ..අවශ්‍ය වුනේ යළුවෝ විතරයි.හැමමොහොතකම..එත් ඔහුට ලගින්ම කියලා යළුවෙක් හිටියේ නැහැ.තමන්ට තියෙන ප්‍රශ්න හිතේ හිරකරගෙන ඉන්නවා ඇරෙන්න ඔහුට වෙන මොනාවත් කරන්න තිබුනේ නැහැ.මොහු හරිම අහිංසකයි.ඒ වගේම ඡි‍විතෙන් ගොඩක් පාඩම් ඉගෙන ගෙන ඉන්න කනෙක්.ඡිවිතෙ හරිම සරලයයි කියලා හිතාගෙන හිටිය මේයාට ඡිවිතේ කටුක බව ඇස් දෙකෙන්ම බලාගන්න මෙයාටම පුළුවන් වුණා.ඡිවිතයට ආපු බොහෝ ප්‍රශ්න තනියම පුංචි හිතින්ම විදවාගත්තා ඇරෙන්න මෙයාට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.මේයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා.ඒවාගේම තව සහෝදරියකුත් ඉන්නවා.නමුත් මේයාව පවුලෙන් තරමක් ආදරය ගිලිහි ගිය කෙනෙකි.අම්මාගෙත් තාත්තාගෙත් පවුලේ නැයොත් වැඩිපුර ආදරය කලේ ඒයාගේ සහොදරියට විතරයි.හැබැයි මේයාගේ එක දුර්වල තාවයක් තිබ්බා ඒ තමයි මේයාට ලංවෙන හැමෝම මේයා හරියට විස්වාස කරපු එකයි ‍.ඒ නිසා මේයාට පවුලෙන් තිබුනු පොඩි හරි ආදරය ද‍ කෙමෙන් නැතිවි යන්නට ද එය හේතුවක් වුණා.මේයාට හම්බවෙච්ච යාළුවෝ කොච්චර හොදද කිව්වොත් මේයාව යොදවා ගන්නේම එගොල්ලන්ගේ වාසිය තකාමයි.මොහුගේ වෙනස් විම ඔවුන්ගේ දෙමාපියන්ට දැනුනේ දෙමාපියන්ට මුරන්ඩු විම නිනාවෙනි.පසුව මේ ළමයාට දෙමාපියන්ව නොපෙනන තරමටම මේ යළුවන්ගේ අශ්‍රය හේතුවුණා.යම් අවස්ථා වලදි මත්ද්‍රව්‍ය වලට පවායොමු වුනා.ඇත්තටම වේලාවකට දුකක් හිතෙනවා,මොකද යළුවෝ වෙනුවෙන් මේච්චර කැපකිරිම් කරලත් මොහුට ඒ යාළුවො සලකන විදිහ හරිම නරකයි.නමුත් මොහුගේ ඉගෙනිම උපතින්ම වාගේ තිබුණු නිසා වැඩි බලපෑමක් තිබුනේ නැහැ.ඔය අතරෙදි මොහුට යාළුවෝ අතහැරලා වෙනත් 
පළාතකට යන්න සිද්ධ වුණා.නමුත් හරියටම මාස 3 කින් ඔහු එහෙන් නැවත මෙහාට එන්න සිද්ධ වුණා .එවිට ඔහුට යන්න වුණේ වෙනත් පාසලකට .ඒ පාසලේ සිටිය ළමයි ඊට අන්ත ලමයි.අවසානයේ දි මොහු යාළුවන්ගේම මත්තේ නැහිලා ඡිවිතේම අදුරු කරගත්තා.දැන් ඔහු මානසික ලෙඩෙක් විදිහට තමයි ඉන්නේ.අළුත් පාසලේ ළමයි,මත් ද්‍රව්‍ය වලට වඩාත් කැමතියි.ඒ නිසා මොහුත් ඔවුන් සමග කරන්න පුළුවන් හැම ඡරා වැඩක්ම කලා.අන්තිමට මොහු පමණක් ඒ මේ සියලු දේවලට වැරදි කරයා වුණා.

ඡිවිතයට ලැබෙන හැම යාළුවෙක්ම එක වගේම හොදයි කියලා හිතන්න එපා!!!!!

ඔබගේ වෙනස් විම


Saturday, December 11, 2010

(නො)පැතුවා

ආදරයක් මා පැතුවා
එය වරෙම මා දමා ගියා....
හිනයකින් මා නුඹ සෙව්වා
එක වරෙම ඒ බොදවුණා....
මුවගින් හිනාමල් පිබිදුවා
නුඹ නැති නිසා පරවුණා....
සතුටක් දැනෙයි දෝ සිතුනා
දුකක් ඇවිත් මා හැඩවුවා....
කෙනෙක් මා අත ගනියි දැයි බැලුවා
තනිකම නිසා එය නැතිවුණා.....

දැන් ඉන්න ඇත්තෝ