Sunday, September 19, 2010

නොයන් හැරදා

සුදු රෝස යායේ
මල්මිටි යාවතේ
නුඔ කොයි ඉසව්වේ 
කියන් රහසේ..........

සුදුරෝ මල් ගවසන්නේ
සුදු වතින් හැඩවන්නේ
නුඔ කොයි යන්නද
කියන් රහසේ........

සැරසී මල් මාවතේ 
හිරුබැස යන යාමේ
හිරු සමගම යන්නද
කියන් රහසේ.....

සදු සෙමින් නැග එයි
හිරු සෙමින් බැස යයි
අයදින්නේ එක පැතුමකි
හඩමි රහසේ.......

නු‍‍‍‍‍බේ සිනා මාගේ හැගුම්
පතා ආ පෙරුමන් 
හඩා ගිය සිතවම් 
බොද මිදුම් සේ......

 නොයන් ලද ඔබ 
මා හැරදා
මා දිවියේ 
ප්‍රර්ථනා..........

Friday, September 17, 2010

ප්‍රශ්න උත්තර..

නිස්සාරයක් දෝ....
තේරෙන දේ ට නොතෙරෙන යමක් දෝ.....
ප්‍රශ්න පත්තර ද බොතල් පත්තරද
මොන ප්‍රශ්නද
මේ උත්තර...


                                  exam වලට අළුත් කලාව
                                              මම තක්ෂිල

Sunday, September 12, 2010

ඩයිරියක කටු සටහන


ගොඩක් දවසකට පස්සේ..............
ඡිවිතයක් සොයාගෙන යනවිට එය සොයා ගැනිමට නොහැකි වුවොත්.....?ම්හ්....හා...මොන තරම්නම් දුකක් ද ඉතිං ඒ දුක දැනුනු හැම අවස්ථාවක ම ඔහුගේ තනියට සිටියේ ඔහුගේ ඩයිරිය යි.හැම දුකක්ම සතුටක්ම කටුවට ලියවුණේ මෙයෙ යි.කදුදැලි වලින් බොදවී ගිය ඩයිරිය නැවත ගොඩ වැදි ඔබ වෙතට................
''අම්මේ!....අම්මේ!... ඔයා තාම ලැස්තිවෙනවද?''සකුන්තලා ඇසුවේ ය.''පොඩ්ඩක් ඉන්න ළමයෝ මොකක් ද ඔච්චර හදිස්සිය ඔයාට තව මාස දෙකක් ඉන්න පුළුවන් එහෙ ගිහින්..''අම්මා කිවේ ය.සකුන්තලාගේ සතුට දෙගුණ තෙගුණ වුණා ඒක අහලා.මොක ද ඇය ගෙදරට වඩා නැන්ද ලාගේ ගෙදට්ට හරිම කැමතියි නැද්දත් එක්ක ඉන්න ඊට වඩා කැමතියි.කට්ටියම යන්න ලැස්සියි.හැබැයි කට්ටිය කිව්වට අම්මයි දුවයි විතරයි.එත් එක අඩුවක් තියන වා 'ලිස්' නැනේ.ලිස් කියන්නේ ....ආ..මේ.සකුන්තලාගේ හුරතල් පුස් පැටියා.මේන්න මේ ගොල්ලෝ ගමන යන්න පටන් ගත්තා.
''අම්මේ ඔයා එහෙ ඉන්නේ නැද්ද ? ''මම එහෙ හිටියම ගෙදර ඉන්න තාත්තටයි මල්ලිට යි කන්න උන්නේ කවුද''දෙදෙනා අතර සුහද සංවාද යක් ඇතිවුණි.හරියටම පැයකින් සකුන්තලාගේ නැන්දලා ගෙදරට ගියා.
''ආනේ! මාගේ පුංචි කෙල්ලේ ඔයාව දැක්ක කල් .....''සතුටින් ඇයව වැළද ගත්තේය.''ඉතිං කොහොම ද නංගියේ ''සකුන්තලාගේ මව දෙසට හැරි විමසන්නට විය.''ඔහේ ඉන්නවා අක්කේ,මේ දවස්වල නිවාඩුනේ.ඒ නිසා නිදහස්.''එක තමයි. නැත්තන් නංගිට ඔලුව උස්සනවා බොරු නේද....''
සිනාවෙන් පිරි සංවාදක් විය.බොහෝ කාලයකට පසු  ආව නිසා සකුන්තලාට අලුත් තැනකට ආවා වගේ
දැනුනා.
        එත් මේ ගෙදර එදා තිබ්බා වගේම මළ ගෙදරක් වාගේ ඒදෙය කවදාවත් නැතිවෙන්නැ ...මේ කථාව රහසක් හැටියට තවමත් යට ගොස් ඇත.
''සකු!සකු!...මම යනවා..''අම්මා කිවේය.''ආ!අම්මා මේ යන්නද හදන්නේ ''
''ඔව් දුවේ, පරිස්සමෙන් ඉන්න..දග කරන්න එපා.නැන්දට කරදර නම් කරන්න එපා'' ''හොදයි අම්මා'''' මොන කරදරයක්ද නංගියේ ,මම තනියම ඉන්න එකේ මේ දරුවා මට  සැනසීමක්''ඒ වචන පොද මුවෙන් පිටවෙනවාත් සමගම අයිරාගේ ඇසීන කදුළු පනින්න ගත්තා.''අයිරා නැන්දේ මොකො ඔය ඇස්දෙකේ කදුළු.''
මේ සියල්ම තමාගේ අවසනව යැයි සිතා දැස පිහදාගත්තා.එවිටම සකුන්තලාගේ මව වාහනයෙන් නැග පිටත්ව ගියා
.''දුවේ සකු.....! දැන් එළියේ හිටියා ඇති දැන් හවස් වෙලා...දොරත් වහලා ගේ ඇතුලට එන්න''
''හොදයි නැන්දේ,මේ එනවා!''ඇත කදු දෙස බලාසිටි සකු විගසින් දොරත් වසාගෙන ගේ ඇතුලට ආවා. 

ඊට පස්සේ මොකද වුණේ ? තවත් ලිපියකින් හමුවෙමු....

ගෙම්බෝ වාගේ පනිනවා

කලින් කලට ගහන තහඩු
''මං මැරුණත් නෑ''
පනින්නේ..
තවත් අයෙක් පිටු පස හිද
පණ දෙන්නත් කැමති වුණේ
ටික කලෙකින් අයෙක් කියයක්
අළුත් පනත් ඕනි වෙද
හිටියෙනම් තොලෙන් තොල
දැං ඉතින් මොකද වෙද
මේකයි මේ
බස් එකේ දැං හුලං මදියි
අපිට බැරිය පාමාව
ගමන ඉක්මන් වෙන්න ඕනි
හුලං තියෙන බස්එකේ ගිහිං
කොන්දෙසිත් දැං බන්දෙසි වල
ලොක්කා දැං අතරමග......

Friday, September 10, 2010

රුපියලයි ,මමයි

ඩොලරයක් ලග
පාච්චල් වෙන
රුපියලක් සේ
නුඹ
ගාව
හැමදාම
මම

දැන් ඉන්න ඇත්තෝ